Sunday, July 9, 2017

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මහවැලියයි... සමෘද්ධියයි...



   දිරිය මිනිසුන් සොයා සමෘද්ධි ගමන ගමින් ගමට පියමන් කිරීමේදී මැදිරිගිරිය 97 වෙඩිකච්චිය  සමගිපුර ග්‍රාමයේ ගම් කුකුල් පැටවි සහ වඩු කුරුළු පැටව් නිෂ්පාදනය කරන අඩු ආධායම්ලාභි පවුලක් සම්බන්ධවද ගමන විපරම්කලේ මෙතෙක් මැදිරිගිරිය කොට්ඨාශය තුල මෙවැනි ව්‍යාපෘතියක් නොමැති බැවින් හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමෘද්ධී වැඩසටහන් තුල කුකුල් පාලන ව්‍යාපෘති සදහා ඉදිරියේදී සමෘද්ධි ව්‍යාපෘති තුලින්ම පැටව් ලබාදිය හැකි බැවිනි.

    තම උත්සාහයෙන් හා දෙමව්පියන්ගේ උදව් උපකාර ලබා ගෙන ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය දිනක පැටව් සිට දින 45 දක්වා පැටව් අලෙවි කරන අතර ගම් කුකුල් බිත්තර ලබා ගනුයේ සමෘද්ධිලාභී කුකුල් පාලන ව්‍යාපෘති වලින් සහ ගමේ ගම් කුකුල් පාලනය කරන අයගෙනි.

    2017 මාර්තු මාසය වන තෙක් වඩු කුරුළු බිත්තර වෙනත් ප්‍රදේශ වලින් මිලදී ගෙන ඇති අතර මේ වන විට මව් සතුන් තමා විසින්ම නිෂ්පාදනය කරගෙන ඇත. සමෘද්ධී වැඩසටහනට සම්බන්ද වී ඇති අතර මහවැලි අධිකාරිය මගින්ද ව්‍යාපෘතිය දියුණුකර ගැනීම සදහා මගනේවීම් ලබාගෙන ඇත. අනුරාධපුරය කුරුණෑගල වැනි ප්‍රදේශ වලින්ද ගැණුම් කරුවන් පැමිනෙණ බව පවසන මෙම අය ඉදිරියේදී දිනකට පැටව් 1000ක් නිෂ්පාදනය කර ගුණාත්මක පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම අරමුණ බව සදහන් කරන ලදි. 

ඩබි.ඒ සදුන් කුමාර සමගිපුර වෙඩිකච්චිය මැදිරිගිරිය. 0712451694

එම්.පි.ඩබ්. මල්කාන්ති
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment