Wednesday, August 30, 2017

දිළිඳුකම පිටු දැකිමේ වැඩ සටහන් රැසක් ඉමදුවේ


    දිළිඳුකම පිටුදැකිමේ ජාතික ව්‍යාපාරය වන සමෘද්ධි ව්‍යාපාරය තුල ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන සදහා ඇත්තේ සුවිශේෂි වු තැනකි. අඩු ආදායම්ලාභි පවුල් වල ආදායම් මට්ටම ඉහල නැංවීම, සෞඛය හා පෝෂණ මට්ටම් වැඩි කිරිම, රැකියා අවස්ථා පුඑල් කිරිම තුලින් දිළිඳුකම ඉතා අවම මට්ටමකට පත්කිරිම පරමාර්ථ කරගෙන එම වැඩ සටහන් ක්‍රියාත්මක වේ. විශේෂයෙන් රටේ දේශිය නිෂ්පාදිතය ඉහල දැමිම  සදහා  අඩු ආදායම්ලාභි ප්‍රජාවගේ දායකත්වය වැඩි කිරිම මුලික අරමුණ බවට පත්ව ඇත.

   සමෘද්ධි බැංකු, ප්‍රජාමූල සංවිධාන සහ සමෘද්ධි නිලධාරින් මෙන්ම තාක්ෂණික සේවා සපයන රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන වල සහභාගිත්වයෙන් ඉතා ඉහල සංවර්ධන විභවතාවයක් සහිත ජීවනෝපාය ව්‍යාපෘති හදුනා ගැනිමත්, කුඩා පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනයත්, නව ව්‍යවසායකයින් බිහිකිරිමත්, රැකියා වෙළද පොළට සරිලන පුහුණු ශ්‍රමිකයින් සදහා වෘත්තිය පුහුණුව ලබාදීමත් මෙම වැඩ සටහනේ අරමුණයි.

   එම අභියෝග ජයගනිමට  සමෘද්ධි ප්‍රතිලාභින් පුහුණු කිරිමේ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන් රැසක් පසුගිය දිනවල ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි. ඒ ජීවනෝපාය සංවර්ධන පුහුණු  වැඩ සටහන් සදහා වෙන්වී ඇති ප්‍රතිපාදන මත  ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මී කාන්ති මහත්මියගේ මග පෙන්වීම යටතේ ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කඑආරච්චි මහතාගේ   අධික්ෂණය යටතේය.

   ඒ යටතේ සාරි හැට්ට සහ පාසල් නිල ඇඳුම් මැසිමේ පාඨමාලාව,  තිර රෙදි මැසිම, කේක් පාඨමාලාව (වෙඩින් කේක්, අයිසින්  කේක් ), ටී ෂර්ට් මැසිමේ සහ මහණ මැෂින් අලුත්වැඩියා කිරිමේ පාඨමලා සංවිධානය වි තිබු අතර මෙම පාඨමාලා සදහා ස්වයං රැකියා වල නියුතු හා ස්වයං රැකියා ආරම්භ කිරිමට බලා සිටින විශාල ප්‍රතිලාභින් පිරිසක් එක්ව තිබිම විශේෂත්වයක් විය. සෑම පාඨමාලාවක් සදහාම  ඒ ඒ  කේෂ්ත්‍රය තුල විශේෂ පුහුණුව ලැබු නිලධාරින් මගින් ප්‍රායෝගිකව පුහුණුව සහිතව දේශණ  ලබාදීමට අවශ්‍ය  කටයුතු ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කඑආරච්චි මහතා විසින් සංවිධානය කර තිබුනා. ඉහත පාඨමාලා සාර්ථකව අවසන් කල ප්‍රතිලාභින්ට ස්වයං රැකිය ආරම්භ කිරිමට අවශ්‍ය උපකරණ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ ඉදිරියේදි ලබාදිමට නියමිත බවත් ඒ තලින් සාර්ථක ව්‍යාපාර රැසක් ඉමදුව කොට්ඨාශය තුලින් බිහිකිරිමට දායකවන ලෙසත් පැමිණි සිටි පුතිලාභින් දැණුවත් කරමින් ඒ මහතා වැඩි දුරටත් දන්වා සිටියා. මූලස්ථාන කලමණාකරු ආනන්ද දිසානායක, ව්‍යාපෘති සහකාර අනෝජා අලුත්ගමගේ  ඇතුඑ සමෘද්ධි නිලධාරින් පිරිසක් මෙම පාඨමාලා සදහා එක්විය. 

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක - ඉමදුව

අැඳුම් මැසිමේ පුහුණු වැඩසටහනක්


   හික්කඩුව වැඩ බලන ප්‍රාදේශිය ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතාගේ උපදෙස් හා මඟ පෙන්විම පරිදි  2017 සමෘද්ධි අලෙවි සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති කලමණාකරු එම්.ටි. අනෝමා ශ්‍රීමති මහත්මිය විසින් සංවිධානය කරන ලද  බල ප්‍රදේශයේ සමෘද්ධිලාභි පවුල්වල මැහුම් කර්මාන්තයේ යෙදි සිටින කාන්තාවන් සඳහා මැහුම් පුහුණු පාඨමාලාවක්ප සුගිය දා (21)  විදාතා මධයස්ථානයේදි පැවැත්විණි. මෙහිදි මැහුම් උපදේශිකා ඩේසි කළුපහන මහත්ම්ය විසින්  සාරි හැටිටය, කාන්තා අැඳුම් හා මැහුම් ක්‍රම පිළබඳව දැනුවත් කිරිම හා  ප්‍රයෝගිකව සාරි හැටිටය සකස් කර ගන්නා අකාරය ප්‍රතිලාභින් පුහුනු කල අතර එම අවස්ථාවේදීම මැසිමද සිදුකරන ලදි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේද
හික්කඩුව

මත් නිවාරන වැඩසටහනක් හබරාදූවේදී


    හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහවතුගොඩ වසමේ මත් නිවාරනය  පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි. ආචාර්ය විමල් දිසානායක මහතා විසින් එම දැනුවත් කිරීම සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි. හබරාදූව සමෘද්ධි මූලස්ථාන කලමණාකාර තුමාගේ ප්‍රධානනත්වයෙන් සමාජ සංවර්ධන අංශය මෙය සිදුකල අතර සමෘද්ධි සංවර්ධන නිලධාරී කීර්තසිරි මහතා එය සංවිධානය කරන ලදි

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

ස්වාභාවික ආහාර පිලිබද දැනුවත් කිරිම


    වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  උතුරැ කොලින්ජාඩිය ග්‍රාම නිලධාරි වසමේ  සමෘද්ධි ප්‍රතලාභි සමාජික සමාජිකාවන්  ස්වාභාවික ආහාර පිලිබද දැනුවත් කිරිම හා එයට හුරැකිරිම සදහා  වු විශේෂ  දැනුවත් කිරිමේ වැඩසටහනක්  කෘෂි කර්ම නිලධාරිනියගේ උපදේශකත්වනේ  වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනි චන්දිමා උදුගොඩ මහත්මියගේ   සංවිධානයෙන් හා අර්ථික සංවර්ධන නිලධාරිනි, ග්‍රාම සංවර්ධන නිලධාරිනි  මහත්මිය සහභාගිත්වයෙන්  පසුගියදා (28) එම ග්‍රාම නිලධාරි වසමේදි පැවැත්වූනි .මේ දැක්⁣⁣වෙන්නේ ඒ අවස්ථාව ගමන කැමරා කාචයේ සටහන් වු අයුරැය.

සි ප්‍රි්ති උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන  සන්නිවේදක
වෙන්නප්පුව

Tuesday, August 29, 2017

දිළිඳුකමට අභියෝග කල දිරිය ලිය ධම්මිකා


   මිනිසුන් ජිවිතය ජය ගන්න ජිවිතය ගොඩ ගන්න යහමගට එන්න කොතරම් මහන්සි වෙනවද.... එහෙම ජිවිතය ජයගන්න නම් උත්සාහය ධෛර්ය හා කැපවීම අත්‍යාවශයම වෙනවා... ඕනම අභියෝගයකට නෙසැලි මුහුණ දෙන්න සිදුවෙනවා.... එහෙම අය ජිවිතයේ නියම ජය ලබනවා... සමෘද්ධිය කියන්නෙත් ඒ වගේ ජිවිතය ජය ගන්න ගොඩ යන්න වෙර දරන මිනිසුන්ට අත්වැල් සපයන  තැනක්....  එහෙම ජිවිතය ජයගන්න වෙර දරණ දිරිය ලඳක් ගැන තමයි අපි අද සමෘද්ධි ගමන කියන්නේ....

     ඇය නමින් ධම්මිකා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආයෝජනගම සමෘද්ධි කලාපයේ අම්පාවිල ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි ප්‍රතිලාභියෙක්.. දරුවන් හතර දෙනෙකුගේ මවක් වන ඇය මුල සිටම සමෘද්ධි ව්‍යාපාරය හා සම්බන්දව ස්වයං රැකියා කිහිපයක් කර ඇති අතර මෙම අලුත් ව්‍යාපාරයට අත ගසා තිබූනේ 2012 වර්ෂයේදි. ඒ ඇය ඒ වන කර තිබු විවිධ ස්වයං රැකියා හරහා  ලබා තිබු පන්නරයත් නොපසු බට උත්සාහයත් සමඟයි.  ඒ රෙදි බෝනික්කන්, සුරතල් සතුන් සහ කුෂන් කොට්ට නිෂ්පාදනය සහ අලෙවි කිරිම. ඇය තම ව්‍යාපාරය “සෙව්වන්දී නිෂ්පාදකයෝ ” ලෙස ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියා පදිංචි කොට ඇත. මෙම ව්‍යාපාරය ආරම්භ කිරිම සදහා ඇය සමෘද්ධි බැංකු සංගමය හරහා පිලිවෙලින් රු.2,500.00 සිට රු.100,000.00 දක්වා ණය මුදල් ලබා ගෙන නිසි අයුරින්  පිලිවෙලින් මුදල් ගෙවමින් සිටින බව අප හා පැවසුවා. මේ වන විට ඇයගේ නිෂ්පාදන සදහා පුඑල් වෙළඳ පොළක් නිර්මාණය වේලා ... ඒ ඇයගේ නිෂ්පාදන වල ඇති ගුණාත්මකභාවය, මටසිලිටු නිමාව සහ සධාරණ මිල ගණන් නිසාවෙන්. 


    2015 වර්ෂයේ ගාලු දිස්ත්‍රික් හොදම සමෘද්ධි වවසායකයින් දස දෙනා අතරට ඇය පැමිණියේ ඇයගේ නිෂ්පාදන වල පවතින ගුණාත්මකභාවය බව ඇය තව දුරටත් සදහන් කලා. ඇයගේ මීලග ඉලක්කය වන්නේ ඇයගේ ව්‍යාපාරය නිවසින් බැහැර ස්ථානයක ආරම්භ කිරිම බවත් ඒ සදහා සමෘද්ධි බැංකුව හරහා රු.250,000.00 ක ණය මුදලක් ලබා ගැනිමට මේ වන විට සුදානමින් සිටින බවත් තමාට මෙම ව්‍යාපාරය දියුණුකර ගැනිමට උදව්කල ආයෝජන ගම සමෘද්ධි බැංකුවේ කලමණාකරු, ව්‍යාපෘති කලමණාකරු සහ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි ගාමිණි මහත්මා ඇතුඑ නිලධාරින්ට සිය හෘදයාංගම ස්තුතිය පුදකරන බව අප හා පැවසුවේ ඉමහත් සතුටෙනි. සිය ආත්ම ධෛර්යයෙන් ජිවිතය ජය ගන්න වෙර දරණ ධම්මීකාට සමෘද්ධි ගමන වෙනුවෙන් අපිත් සුභ පැතුම් එක් කරන්නෙමු. 

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

වවසායකත්ව පුහුණුව බෙන්තොට දී........


   නව වෙලද පොල අවස්ථා හා පාරිබෝගික සත්කාරය පිලිබදව වවසායකත්ව ප්‍රජාව දැනුවත් කිරිමේ පුහුනු වැඩසටහනක් බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පවත්වන ලදි. මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ දිවි නැගුම කලමණාකරැ වන දිපිකා මහත්මිය විසිනි. එම වැඩසටහන සදහා මුලස්ථාන කලමණාකරැගේ පුර්ණ අධික්ෂණය යටතේ සිදුවිණි. මෙම වැඩසටහන සදහා ගාල්ල දිස්ත්‍රික් ව්‍යාපෘති කලමණාකරැ ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විණි.


කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තොට

“ දෙටුවර අභිමන් ” තෙවන ස්ථානය ඉමදුවට...........


      ශ්‍රි  ලාංකීය වංශ කථාව ඉතා රසවත් සේම වින්දනිය හා ගරු කොට යුතු එකක් බවට අප විශ්වාස කරමු. මෙකි වංශ කථාව තුල අප නොදත් එහෙත් අපේ මව්පියවරුන්, මුතුන් මිත්තන් දත් දෑ බොහෝ වේ. එහෙත් වර්තමාන සමාජයේ නවීන හා තාක්ෂණික දැනුම අතිමහත්ය. මෙම දැනුම වර්තමාන දරුපරපුර කෙසේ ග්‍රහණය කරගෙන ඇද්ද, ඒ තුල ඔවුන්ගේ අනාගත දැක්ම කෙබඳුද යන්න උරගා බැලිම සදහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව සමෘද්ධි කැකුඑ ළමා සමාජ ආශ්‍රයන් ග්‍රාමිය මට්ටමේ සිට ජාතික තලය දක්වා දීප ව්‍යාප්ත වු දැනුම මිනුම තරඟාවලියක් 2017 ජාත්‍යන්තර වැඩිහිටි උත්සවය පදනම් කරගනිමින් පැවැත් වෙයි.   

     එම උත්සවයට සමගාමිව  දැනුම මිනුම තරඟාවලියේ දිස්ත්‍රික් තරඟ පසු ගිය දා පැවති අතර ගාලු දිස්ත්‍රික් තරඟාවලිය  2017.08.10 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය හත් වන මහල ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. ඒ සදහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දහ හතරක කැකුඑ ළමා සමාජ දැනුම මිනුම කණ්ඩායම් සහභාගි වු අතර එම තරඟාවලියේ තෙවන ස්ථානය ලබා ගනිමින් ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි කැකුඑ ළමා සමාජ කණ්ඩායම පළාත් තරඟ සදහා සුදුසුකම් ලබා ගැනිමට සමත් විය.  මෙම අවස්ථාව සදහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා ඇතුඵ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් මෙන්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරින් හා කළමණාකරුවන් මෙන්ම දරුවන් දෙමාපියන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

Monday, August 28, 2017

බෙන්තොට ළමා සමාජ තරග


     බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුබද්ද ළමා සමාජ තරගාවලිය කලාප මට්ටමින් අවසන් කරන ලදි. ඉන් අනතුරැව ප්‍රාදේශිය තරග පවත්වන ලදි. එම තරග බෙන්තොට ප්‍රාදේශිය ලේකම් තුමාගේ හා මුලස්ථාන කලමණාකාරතුමියගේ හා සංවර්ධන නිලදාරින්ගේ සහභාගිත්වයෙන් බෙන්තොට බැංකු සංගම් පරිශ්‍රයේදි සිදුකරන ලදි. එහි විශේෂ අවස්ථා ගමන කැමරා කාචයේ සටහන් වු අයුරැ.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තොට

Saturday, August 26, 2017

සමෘද්ධි ප්‍රතිලාභින්ට ඕකිඩ් පැල


   2017 ජීවනෝපාය කෘෂි සංවර්ධන වැඩසටහන යටතේ සමෘද්ධි ප්‍රතිලාභින්ට ඕකිඩ් පැල ලබා දීමේ වැඩ සටහනක් පසුගියදා පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

   මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස ප්‍රත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොත්තුවිල්ලුව ග්‍රාම නිලධාරි වසමේ  ප්‍රතිලාභින් තිදෙනෙකු වෙත රු. 90000.00ක වටිනාකමකින් යුතු ඕකිඩ් පැල 600ක් මෙහිදි බෙදා දෙන ලදි.

   පාර්ලිමේන්තු මන්ත්‍රි අල්හාජ් එම්.එච්.එම්. නවවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිි මෙම වැඩසටහනට පුත්තලම ප්‍රාදේශිය ලේකම් චන්දන වන්නිනායක මහතා ඇතුලුව කොට්ඨාශයේ සමෘද්ධි කළමණාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරින්ද සමෘද්ධි ප්‍රතිලාභින් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම

Friday, August 25, 2017

ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාස්කෘතිය හා සාහිත්‍ය තරගාවලිය සාර්ථකව අවසන්


   ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාස්කෘතිය හා සාහිත්‍ය තරගාවලිය අද දින (25) කළේගාන පියතිස්ස ආදර්ශ විද්‍යාලයේ දි සාර්ථකව පවත්වන ලදී . වයස් කාණ්ඩ 3 යටතේ තරඟ ඉසව් 14 පැවැත්වූ අතර මේ සඳහා කොට්ඨාශ මට්ටමින් ජයග්‍රහණය කරන ලද ළමා සමාජ සාමාජික සාමාජිකාවන් 600 කට අධික පිරිසක් සහභාගි වන ලදී.

    ගුරු උපදේශක වරුන් හා ගුරු භවතුන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල අත්දැකීම බහුල විනිසුරු මඩුල්ලක් විසින් තරග කටයුතු විනිශ්චය කළ අතර ඔවුන්ගේ අදහස වූයේ ඉතා හොඳ තරඟ කාරිත්වයක් දක්නට ලැබුණු බවයි.

    මෙම තරඟ කාරිත්වය ගායනා සහ නැටුම් තරඟ ඉසව් වල බහුලව දැක ගන්නට ලැබුනු අතර මෙවර තරගාවලියට නව තරඟ ඉසව් දෙකක් ලෙස එක්වූ  ගද්‍ය රචනා සහ පද්‍ය රචනා තරඟ ඉසව් දෙක සඳහා ද වැඩි තරඟ කරුවන් පිරිසක් එක්වී සිටිනු දක්නට ලදී.

    ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩි.එස්. විතානගේ මැතිනියගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් සමාජ සංවර්ධන අංශය තරගාවලිය සංවිධානය කර තිබුණු අතර කාර්යාල නිලධාරීන් සියලු දෙනාගේම මනා දායකත්වයක් ලබා දි තිබුණි.

    මෙම තරඟ ඉසව් වලින් පළමු ඉස්ථාන දිනා ගන්නා දරු දැරියන් එළඹෙන මස කොළඹදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා තරඟ සඳහා සහභාගි වීමට නියමිතය. මෙම අවස්ථාවට මාධ්‍යවේදී සේනක උබේසිංහ මහතා ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගි වී සිටින ලදී.

ප්‍රියන්ත කාරියවසම්
ගමන විශේෂාංග සන්නිවේද

රතුකුරුස සංගමය අනුග්‍රහයෙන් ඉදිකල නිවස මහජන අයිතියට


   2016.05.17 දින සාමසර කන්ද නාය යැමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වසන්තගම ගම්මානයේ ඉදිකර ඇති නිවාස 58 අතරින් රතුකුරුස සංගමය අනුග්‍රහයෙන් ඉදිකල නිවස 2017.08.24 දින ආපදා කළමණාකාර අධ්‍යක්ෂතුමා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා, රතුකුරුස සංගමයේ සභාපති හා අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන අයිතියට පත් කිරිම සිදුවිය.


එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

Thursday, August 24, 2017

ළමා සමාජ දරුවන්ගේ කුසලතා සංවර්ධන වැඩසටහක් අරණායකදී


   අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ ක්‍රියාකාරි සාමාජිකයින්ගේ කුසලතා සංවර්ධන වැඩසටහනක් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සමථ නිලධාරි ලලිත් බණ්ඩාර මහතා හා සමාජ සංවර්ධන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් 2017.08.18 දින පැවැත්විණි. මේ සඳහා දැනට ලියාපදිංචි වී ඇති සමෘද්ධි කැකුළු ළමා සමාජ 58 හි දරුවන්  100කට අධික පිරිසක් සහභාගි කර ගනිමින් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි ක්‍රියාත්මක කරන ලදි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

නව පොලී අනුපාතය හා නිලධාරීන් දැනුවත් කිරීම


    ඇල්පිටිය සමෘද්ධි බැංකු සමිතිය සිය බැංකු බල ප්‍රදේ්ශයට අයත් බැංකු හතරේ  නිලධාරීන්  දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සංවිධානය කර ඇත. එම වැඩමටහන් මාලාවේ තවත් එක් පියවරක් අද දින (24) පිණිකහන බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි.

    මෙම නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩ සටහන සමෘද්ධි බැංකු සමිති කළමණාකරැ ප්‍රේමිකා මල්කාන්ති මහත්මිය විසින්  පැවැත්විණි. එහිදි තම බැංකු කලාපයේ හා වසමේ අනුව ණය, බොල් ණය, තැන්පත්, ණය ලබා දීම, ණය අයකර ගන්නා ආකාරය, ණය කළමණාකරණය පිළිබදව, පසු විපරම් කිරිම හා පසුගිය වසර කිහිපයේම ලාබ ලැබු බැංකු හතරක් වන මෙම බැංකු හතරේ ඉදිරි සැලසුම් පිළිබදව නිලධාරීන් දැනුවත් කෙරිණි. මෙම අවස්ථාව සදහා බැංකු කළමණාකරැ චන්ද්‍ර ලියනගමගේ මහත්මිය ඇතුලු සියලු නිලධාරීන් සහභාගි විණි.

ප්‍රදීප් චන්දන නානායක්කාර

අරණායක ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඇපලාවවත්ත වසමේ ප්‍රගතිය නිරික්ෂණයට


   අරණායක කොට්ඨාශයේ ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඇපලාව වසමේ කම්මල් ආශ්‍රිත ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රතිලාභීන් 35 දෙනෙකුගේ කම්මල් වැඩි දියුණු කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය විමසීම සඳහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී. කුසුම්සිරි මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි වික්‍රමසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ බී.ජී. ලකි බෙන්හර් මහතා, ව්‍යපෘති කළමණාකර ඩඩ්.ජී. ආරියරත්ත මහතා හා එම වසමේ සංවර්ධන නිලධාරි හේමලතා මහත්මියගේ සහ ආර්ථික සංවර්ධන නිලධාරි මහත්මියගේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සමග ප්‍රගතිය විමසීම පසුගියදා (21) දින සිදුවිය.

   එහිදී කම්මල් වෘතිකයන්ගේ දැනට පවතින ගැටලු සහ වෙළද පොළ ගැටලු පිළිබදව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී. කුසුම්සිරි මැතිණිය විසින් විමසීමි කල අතර එම ගැටලු වලට පිළියම් ලබා දීමට අවශය කටයුතු සංවිධානය කිරීමට නිලධාරීන් දැනුවත් කිරීමද සිදුවිය.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

සමෘද්ධි ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික තරගාවලියේ ගාල්ල දිස්ත්‍රික් තරග 25 දා

    සමෘද්ධි ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික තරගාවලියේ ගාල්ල දිස්ත්‍රික් තරග දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) දා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා ගාල්ල කලේගාන පියතිස්ස ආදර්ශ විද්‍යාලයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

   මෙම තරගාවලිය යටතේ සරල ගී, ජන ගී, උඩරට පහත රට නැටුම්, චිත්‍ර, ගද්‍ය, පද්‍ය, රචනා, කතික, නිවේදන, කෙටි කථා ඇතුලු තරග ඉසවු 14 කින් සමන්විත අතර වයස් කාණ්ඩ 3 යටතේ තරග පැවැත්වේ. මෙම තරගාවලිය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 19 ක ක්‍රියාත්මක සමෘද්ධි කැකුලු ළමා සමාජ වල දරැ දැරියන් හා අනෙකුත් දරැ දැරියන් 1000 ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිතය. 

   මෙම තරගාවලියෙන් ජයග්‍රහනය ලබන තරග කරැවන් ජාතික මට්ටමේ තරගාවලිය සදහා සුදුසුකම් ලබන අතර සමෘද්ධි ගාලු දිස්ත්‍රික් අධ්‍යක්ෂිකා දිස්නා සමන්මලී විතනගේ මැතිණියගේ උපදෙස් පරදි දිස්ත්‍රික් සමෘද්ධි අංශය මගින් සංවිධානය කරනු ලබයි.

ප්‍රභාත් සුරංජිත්
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක
ගාල්ල

Wednesday, August 23, 2017

සමෘද්ධි ප්‍රජා ශක්ති ජාතික සම්මේලනය 2017

  සමෘද්ධි ප්‍රජා ශක්ති ජාතික සම්මේලනය 2017  කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් අද දින (23) පැවැත්විණි. සමාජ සවි බල ගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ගරැ එස් බී දිසානායක මැතිතුමන්ගේ ආරාධනයෙන් සපැමිණි අතිගරැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සුවිශේෂි අවස්ථාවේ සමාරම්භය සනිටුහන් විණි. මෙම අවස්ථාව සදහා  සමාජ සවි බල ගැන්වීම් සුබසාධන  අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායන මැතිතුමා, අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මැතිතුමා ඇතුලු විශාල පිරිසක් එක් විය.  එම අවස්ථාවේ විශේෂ විඩියෝ දර්ශන පහත දැක්වේ.


ප්‍රදීප් චන්දන නානායක්කාර

සමෘද්ධි හරිත උයන වැඩසටහන හා ළමා කුසලතා සංවර්ධන වැඩමුළුව - අරණායක


   පොලිස් ජංගම සේවයට සමඟාමිව අරණායක පොලිසිය හා අරණායක සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය සංවිධානය කල, සාමසර කන්ද නාය යාමින් අනතුරුට ලක් වූ දෙබත්ගම පල්ලේබාගේ වසමේ සමෘද්ධි සමිතිය මඟින් ක්‍රියාත්මක කළ සමෘද්ධි හරිත උයන වැඩසටහන හා ළමා කුසලතා සංවර්ධන වැඩමුළුව පසුගියදා (18) පැවැත්විණි. මෙම අවස්ථාව සදහා නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක් විය.

අරණායක සමුහ
(සේයාරෑ සමෘද්ධි මහ සංගමය - අරණායක)

Tuesday, August 22, 2017

කැකුළු ළමා සමාජ දරුවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය


   තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ක්‍රියාත්මක වන කැකුළු ළමා සමාජ දරු දැරියන් උදෙසා පවත්වන ලද කැකුළු ළමා සමාජ ප්‍රාදේශීය තරගාවලියෙන් ජයග්‍රහණය කරන ලද දරු දැරියන් සදහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය අද දින (22)  තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමෘද්ධි මහ සංගම් අංශයේ දී පවත්වන ලදි.

    චිත්‍ර, කථික, ජනගායනය, සරල ගී ගායනය හා නර්ථනය යන අංශවලින් ජයග්‍රහණය කරන ලද දරු දැරියන් සදහා සහතිකපත් හා තිළිණ ලබා දුන් අවස්ථාව ගමන කැමරා කාචයේ සටහන් වු අයුරැ ඉහත දැක්වේ.

 
මෙම අවස්ථාව සඳහා කළමණාකාර අධ්‍යක්ෂ කපිල විජේරත්න මහතා, ව්‍යාපෘති කළමණාකරු අයි.ඩී. විජිත මහතා, සමාජ සංවර්ධන සහකාර ජගත් කුමාර මහතා සහභාගි විය.


අයි.ඩී. විජිත
සමෘද්ධි සන්නිවේදක
තවලම

ප්‍රජා පොලිස් ඒකකයෙන් ප්‍රජා සත්කාරයක්


   මැදිරිගිරිය 97 වෙඩිකච්චිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටුවා ඇති ප්‍රජා පොලිස් ඒකකයේ ගරු සභාපති එච්.එම්. චන්ද්‍ර කුමාර මහතා හා එම නිලධාරින් එක්ව රියදුරු බලපත්‍ර නොමැති ප්‍රදේශවාසීන් සදහා සහනදායි ලෙස රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් සහ මාර්ග නීති පිලිබදව දැනුවත් කිරිමේ වැඩසටහනත් 2017.08.19 දින පවත්වන ලදි.
      
   මෙම වැඩසටහන සදහා ග්‍රාම නිලධාරී වසම් 04ක් නියෝජනය කරමින් අයදුම්කරුවන් 200ක් පමණ සහභාගිවී සිටි අතර පොළොන්නරුව සදෙව් රියදුරු පාසැල විසින් දායකත්වය ලබාදෙන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

ළමා සමාජ ප්‍රතිසංවිධාන වැඩමුළුව


   අක්මීමන  ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ කැකුළු ළමා සමාජ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩමුළුවක් පසු ගිය දීන ප්‍රාදේශීය ලේකම් ශ්‍රවනාගාරයේදි පැවැත්වීනි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා පැවති මෙම වැඩමුළුවට ගාල්ල දිස්ත්‍රික් දිවිනැගූම අධ්‍යක්ෂ දිස්නා විතානගේ මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුකා එන්. සුරියආරච්චි මහත්මිය සහභාගි වු අතර වැඩසටහන සදහා සමිපත් දායකත්වය ගාල්ල දිස්ත්‍රික් සමාජ සංවර්ධන කලමනකරු ප්‍රියන්ත කාරියවසම් මහත්මා සහ  සහකාර කලමනකරු ප්‍රභාත් සුරංජිත් මහත්මා විසින් ලබා දෙන ලදි .

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

සමෘද්ධිලාභින් සවිබල ගැන්වීමට මහවැලියෙන් සහයෝගය


  පි.ඩබ්. විජේරත්න මහතා පදිංචිය අංක 1/172 දර්ශණපුර වෙඩිකච්චිය මැදිරිගිරිය. දැනට වසර ගණනාවක සිට කිරි ගව පාලනයේ නිරතව ඇති අතර 2017 වර්ෂයේ සමෘද්ධිලාභින් සවිබල ගැන්වීම සදහා සමෘද්ධි සංවර්ධන නිලධාරී අතුල සිරි කුමාර මහතා  එම අය නම් කරන ලද්දේ විජේරත්න මහතාගේ උනන්දුව උත්සාහය නිසාය.
   
   විජේරත්න මහතාට සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහනින් රුපියල් 50000/=ක මුදලක් අනුමතවි ඇති අතර, කිරි ගවයින් 07 දෙනෙක් සිටින බැවින් තම කිරි ගව ගාල විශාලවට සාදා ගැනීම සදහා සමෘද්ධි ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන අනුගමනය කරමින් මහවැලි සංවර්ධන අධිකාරිය හා සම්බන්දවී තම අනාගත බලාපොරොත්තුව නේවාසික වයාපාර අධිකාරීතුමාට දැනුම්දීමෙන් අනතුරුව මහවැලි අධිකාරිය මගින් රුපියල් 50000/=ක ආධාර මුදලක් පරිත්‍යාග වශයෙන් ලබාදී ඇත.

   රුපියල් 140000/=ක් පමණ වියදම්කර කිරි ගවයින් 05 දෙනෙක් සදහා කිරි ගව ගාල නිමකර ඇති විජේරත්න මහතා සමෘද්ධි ගමනට කියා සිටියේ තම පවුලේ ශ්‍රමයද මේ සදහා ලැබුණු බවත්, තමාගේ ආර්ථිකය වර්ධනය කර ගැනිම සදහා සහයෝගය ලබා දුන් සමෘද්ධි වැඩසටහනට සහ මහවැලි අධිකාරියට ස්තූතිය පුදකරන බවයි.

එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිතය තරඟ - හික්කඩුව


    හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  වසම් 97 කින් යුත් විශාල ප්‍රදේශයකි.  මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ දරැවන්ගේ දස්කම් මතු කරන  "සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිතය තරඟ 2017" තරගාවලිය රත්ගම සිරිසුමන විදුහලේ 2017.08.15   දින පැවැත්විණි. මෙවර සමෘද්ධි කැකුළු ළමා සමාජ තරඟ වයස් කාණ්ඩ කිහිපයක් මත පැවැත්විණි. 

    මෙම අවස්ථාවට  හික්කඩුව සමෘද්ධි මුලස්ථාන කලමණාකරු කේ.එච්. ගොතික් මිය, ව්‍යාපෘති කලමණාකරු අනෝමා ශ්‍රිමති මිය, බැංකු සමිතියේ කලමණාකරු ප්‍රියානි දේවිකා මිය, සමාජ සංවර්ධන සහකාර  ශ්‍රියානි කනකරත්න මිය, කලමණාකරු උපසිරි ලොකුලියන  මයා, රන්නුළු අානන්ද මයා,  නැටුම් ආචාරිණි  පත්මකාන්ති සුදුසිංහ, සංගිත ආචාරණි, අාර්ථික සංවර්ධ නිලධාරින ටි. ජයතිලක මයා තරඟ විනිශ්චය  සඳහා  සම්බන්ධවිය.  මෙහිදි ජන ගායනා  උඩරට පහත රට නැටුම්  චිත්‍ර තරඟ කෙටි නාටය සමාද්ධි සිප්දොර මුදල් ලැබිමෙන්  වුනු  ප්‍රතිඵලයක් පෙන්නුම් කිරිම කතික තරඟ නිවේදන කටයුතු තරඟ ඉතාමත් සාර්ථකව පැවැත්විණි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේද
හික්කඩුව

Monday, August 21, 2017

සමෘද්ධි ව්‍යාපෘති කරැවන්ට ඇසුරැමිකරන පුහුණුවක්


   අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ සමෘද්ධි ච්‍යාපෘති කරැචන් සඳහා හෙට දීන වෙළෙඳ පොළ දිනන්නට ඇසුරැමිකරන  පුහුණුවක්  20017.08.17 දීන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්වීනි. ව්‍යාපෘති කලමණාකරු  ඩබ.එචි.කේ. සුනිල් මහතා චිසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකන නිලධාරී යු.එන්. ගුනවර්ධන මහතා දැනුවත් කිරිම සඳහා සහභාගි විය. ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනියගේ නොමද මගපෙන්වීමෙන් පැවති මෙම වැඩසටහන සදහා පරිපාලන නිලධාරී තුමා, ව්‍යාපෘති නිලධාරි සහාර ශ්‍රිරානි අබෙිවික්‍රම මිය සහභාගි  විය.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

ළමා රැකවරණය සම්බන්ධයෙන් ග්‍රාමිය කමිටු නියෝජිතයින් හා රාජය නිලධාරින් දැනුවත් කෙරේ


    හික්කඩුව  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තුමේන්තුව,  ජාතික ළමා අාරක්ෂක අධිකාරිය,  ළමා ලේකම් කාර්යාලය  එ්කාබද්ධව සංවිධානය කල ළමා රැකවරණය සම්බන්ධයෙන් ග්‍රාමීය කමිටු නියෝජිතයින් හා රාජය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පසු ගිය 18 වන දින හික්කඩුව නගර සභා ශාලාවෙිදි පැවැත්විය. 

    මෙම වැඩ සටහනේ ප්‍රධාන දේශකයන් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ කම්කරු නිලධාරි බන්දුසිරි කාරියවසම් මහතා හා විශේෂඥ මනෝ වෛදය රමණි රත්නවිර මැතිනිය සහභාගිවු අතර ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ඩි.ජි.පි. ධර්මා ඉන්ද්‍රනි මෙනවිය, සුවිනිතා ගනේගොඩ  මිය, තක්ෂිලා කුමරාවඩු මෙනෙවිය,  රසිකා ශ්‍රියාවර්ධන මිය, මුලස්ථාන කලමණාකරු  කේ .එච්. ගොතික් මිය, මුලස්ථාන ග්‍රාම නිලධාරි කුමාර මහතා  අැතුළු රාජ්‍ය නිලධාරින් ද පොලිස් දෙපාර්තුමේන්තුවේ ළමා  හා කාන්තා අංශය නියෝජනය කරමින් රත්ගම පොලිස්ථනයේ,  හික්කඩුව පොලිස්ථානයේ, මිටියාගොඩ  පොලිස්ථානයේ නිගධාරීන්  ද සහභාගි විය.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේද
හික්කඩුව

දිරිය මිනිසුන්ට සමෘද්ධියෙන් අත් වැලක්......


    2017 අලෙවි සංවර්ධන වැඩසටහන යටතේ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වශක්තියෙන් නැගීසිටින්ට වෙර දරන්නාවූ දිරිය මිනිසුන් උදෙසා ජංගම අලෙවි රථ බෙදා දීම අද දින (21) දින ගෝනාපීනූවල ප්‍රාදේශීය සමබන්ධීකරණ කමිටුවේ සම සභාපතී වරුන් වන දකුණු පලාත් ප්‍රධාන අමාත්්‍ය ගරු ෂාන් විජයලාල් ද සිල්වා හා අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු ඩෙනට් පනියන්දූව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි.

    මෙම ජංගම අලෙවි රථ සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රුපියල් එක් ලක්ෂ පනස් හත් දහසක මුදලක් ලබා දීබූ අතර ප්‍රතිලාභීන් විසින් රුපියල් පහලොස් දහසක මුදලකින්  දායකත්වය දරා තිබුනණි. ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ව්‍යාපෘති කළමණාකරු එච්.ජී. කමල් චන්දන මහතා විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වූ අතර භාණ්ඩ බෙදා  දීමේ අවස්ථාව සදහා ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ, සහකාර ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුනසේණ, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) කේ. ඒකනායක යන මහත්ම මහත්මීන් හා  සමෘද්ධි මූලස්ථාණ කළමණාකරු ගංගා ගුරුසිංහ ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනපීනූවල.

Sunday, August 20, 2017

ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ බිම්මල් වගා පුහුණුවක්


   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල 2017 වර්ෂය සදහා ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ පුහුණු වැඩ සටහන් සදහා ලබා දුන් ප්‍රතිපාදන යොදා ගනිමින් බිම්මල් වගාව පිළිබද පුහුණුවක් පසුගියදා පැවැත්වුණි. පෝද්දිවල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු පාසලේ පැවති මෙම පුහුණු වැඩ සටහන සදහා කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 34 නියෝජනය කරමින් ප්‍රතිලාභීන් 64 දෙනෙකු පමන සහභාගි වී සිටියහ. බිම්මල් වගාව ආරම්භ කිරීමේදි  කේෂේත්‍රය සකස් කර ගන්නා ආකාරය පිළිබදව, වගාව සංවර්ධනය කර ගනිමින් පවත්වා ගෙන යන ආකාරය සහ වගාවට හානි කරන කෘමීන් සහ දිලීර රෝග පිළිබදව මෙහිදී ප්‍රතිලාභීන් දැනුවත් කරන ලදි. බිම්මල් වගාව පිළිබද මූලික දැනුම සහ ප්‍රායෝගික  දැනුම ලබාදීම මෙහිදී සිදු කෙරැණි. 

   නියාගම ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමාගේ උපදෙස් මත මෙම වැඩ සටහන නියාගම ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මිය විසින් සංවිධානය කර තිබුණාය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි ව්‍යාපෘති අංශය මගින් මේ සදහා ප්‍රතිපාදන වෙන් කර තිබුණි.⁣ පෝද්දිවල කෘෂිකර්ම පුහුණු පාසලේ කෘෂි උපදේශක තුමා විසින් මෙම වැඩ සටහන මෙහෙය වූ අතර මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය, ව්‍යාපෘති සහකාර ජයන්ත පද්මසිරි මහතා ද මේ සදහා සහභාගි වී සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම