Friday, July 14, 2017

ළමා සමාජයෙන් ඇසළ පෝයට මල් දන්සැලක්


      සිදුහත් කුමරා ගිහිගෙයින් නික්මීම ඇතුළු වැදගත් කරුණු ගණනාවකට මූලික වන ඇසළ පුන් පෝදා නියාගම බටහිර ග්‍රාම නිළධාරී වසමේ   සමෘද්ධි කැකුලු ළමා සමාජය මගින් මල් දන්සලක් පවත්වන ලදි.  නියාගම බටහිර වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී මහේෂිකා කහවෙවිතාන  මහත්මියගේ මග පෙන්වීම යටතේ නියාගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී මෙය ක්‍රියාත්මක විය. ලමා සමාජ හරහා එම දරු දැරියන්ගේ ආගමික නැඹුරුව වඩ වඩාත් වැඩි දියුණු කිරීම මෙවැනි වැඩ සටහන් හරහා බලාපොරොත්තු වන බව   සමෘද්ධි සංවර්ධන නිළධාරී මහේෂිකා කහවෙවිතාන මහත්මිය අප සමග පැවසුවාය. ළමා සමාජ දරු දැරියන් විශාල පිරිසක් මෙම පුණ්‍ය කටයුත්ත සදහා සහභාගී වූ අතර, පෝදා පන්සල් පැමිණි උපාසක උපාසිකා විශාල පිරිසක් මෙම මල් දන්සැලෙන් මල් ලබා ගෙන ආගමික වතාවත් සිදුකල අතර කුඩා දරු දැරියන්ගේ මේ සත් ක්‍රියාව මෙත් සිතින් යුතුව පැසසුමට ලක් කරන ලදි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment