Monday, July 24, 2017

ඉමදුව දිරිය ළියට සොඳුරු සෙවණක්........


   සෑම වසරකම මාර්තු 08 වන දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විවිධ වු වැඩ සටහන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවනු ලබන අතර මෙවර සුවිශේෂි මුහුණුවරකින් එය ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇත.  ඒ “ දිරිය ලියට සෙවනක් ” වැඩ සටහනයි. දරිද්‍රතාවය නිසාම හිසට සෙවනක් ඉදිකර ගැනිමට වරම් අහිමිව, දරුවන් අනාරක්ෂිතව ජිවත් වන අසරණ පවුල් වලට ආරක්ෂාව සහ රැකවරණය ලබාදීම, සමාජයේ අවධානයෙන් ගිලිහෙමින් සිටින අසරණ පවුල වලට සෙවන ලබාදෙමින් , ඔවුන්ගේ දරුවන් පිලිබදව අවධානය යොමු කරමින් පියවරෙන් පියවර ඉදිරියට ගැනිම මෙහි මූලික අරමුණ වි ඇත.

     එම වැඩ සටහනට සමගාමිව ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේද නිවාස දෙකක් ඉදිකිරිමට කටයුතු සිදු කෙරේ. ඉන් එක් නිවසක් ඉදිවන්නේ මාවැල්ල ග්‍රාම නිලධාරි වසමේ  පි.බි. අනෝමා මහත්මියටයි. ඒ වචනයේ පරිසමාප්තියෙන්ම ඇය දිරිය ලියක් නිසාවෙනි.

      මීට වසර හතකට පමණ පෙර සිය සැමියා ඇය හැරදමා නිවසින් පිටව යන්නේ ගැහැණු දරුවන් දෙදෙනකු සමග කටුමැටි ගා නිවසේ තනිකර දමමින්. එතැන් පටන් ඇය දරුවන් දෙදෙනා සමග සිය ජිවිතය ගෙන යන්න දරණ උත්සාහය අතිමහත්.  සමෘද්ධිලාභිනියක් වු ඇය දරුවන් දරුවන් දෙදෙනා සමග සිය පවුලේ කටයුතු කර ගැනිම සදහා තේ තවාන් වල බාස්කට් පිරවීම සිදුකරමින් සිය ජීවිකාව කරගෙන යන ලදි.  හිතේ හයියත් ගතේ හයියත් තිබු ඇයට සිය ස්වයංරැකියාව ආරම්භ කරන්න උදව්වෙන්නේ  මවැල්ල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි චමින්ද හලල්ලුව මහතායි. එතුමාගේ මග පෙන්වීම යටතේ සමෘද්ධි බැංකුව මගින් රු. 25,000/- ක ණය මුදලක් ලබාගෙන සිය නිවසේ තේ පැල තවාන් දැමිම ආරම්භ කිරිමත් සමගයි. එතැන් පටන් ක්‍රමයෙන් පිළවෙලින් ණය මුදල් ලබාගනිමින් ඇය තේ තවාන් ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනිමට ඇයට හැකිවිය. ඒ ඈ තුල තිබු අපිරිමිත උත්සාහය හා කැපවීම මතයි. ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන හරහා ද ඇයට තාවාන් දැල් ඇතුඑ උපකරණ ලැබීම සිය ව්‍යාපාරය දියුණු කරගැනිමට ඉවහල් වි ඇත. අට වසර සහ හතර වසර ඉගෙණුම ලබන ගැහැණු දරුවන් දෙදෙනා සමග   කටු මැටි ගෑ  වහලට ටකරන් සෙවිලි කල නිවසේ සිටින මෙම දිරිය පවුල ගැන වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි ජනක ගල්හේන මහතා කලාප කලමණාකරු වන ජි.එස්. දහනායක මහතා  දැනුවත් කිරිම තුලින් ඇයගේ නිවාස සිහිනය  සැබැවෙමින් පවතියි.  ඒ මෙවර දිරිය ලියට සෙවනක් වැඩ සටහන යටතේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් එම නිවස තෝරා ගැනිම තුලිනි. 

    පසුගිය දා ඒ උතුම් සත්කාර්ය සදහා මුල්ගල් තැබිම ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ප්‍රදේශවාසි විශාල පිරිසක් නිවස ඉදිකිරිමේ කටයුතු සදහා දායක වු  අතර මුලස්ථාන කලමණාකරු ආනන්ද දිසානායක, මහ සංගම් කලමණාකරු ලක්ෂ්මන්, සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ, වසම්භාර නිලධාරි ජනක ගල්හේන මහතා ඇතුඑ ප්‍රදේශවාසි විශාල පිරිසක් සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment