Tuesday, December 5, 2017

වකුගඩු පරික්ෂාව හා බෝ නොවන රෝග පාලනය පිලිබඳව දැනුම


   හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  සහකාර ප්‍රාදේශිය ලේකම්  ඩි.එන්.පි.කුලරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල නිලධාරින් සඳහා වකුගඩු පරික්ෂාව හා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක්  සංවර්ධන නිලධාරි ඩි.එන්. අබේසේකර මහත්මිය විසින් සංවිධානය කරන ලදී. මේ සඳහා යක්කලමුල්ල ප්‍රජා සෞඛ්‍ය  වෙෙදය නිලධාරි එස්.එම්.පි.පි. සමන් කුමාර මයා, බෙන්තර ප්‍රජා සෞඛ්‍ය වෙෙදය නිලධාරි ඉනෝකා එගොඩගේ මිය, හික්කඩුව ප්‍රජා සෞඛ්‍ය වෙෙදය නිලධාරි ජි.ජි. කාංචනා මිය, ප්‍රජා සෞඛ්‍ය වෙෙදය නිලධාරි  අශෝකා විජේසංහ යන අය විසින් කාර්යාල නිලධාරින් දැනුවත් කිරිම හා ලේ, මුත්‍රා, රැදිර පීඩනය පරික්ෂා කිරිම්ද සුදුකල අතර මේ අවස්ථාවෙදිම නිලධාරින්ට අවශය ප්‍රතිකාර හා උපදෙස් ලබා දිමද සිදුකරන ලදි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment