Tuesday, January 2, 2018

කාර්යක්ෂම රාජ්‍ය සේවයේ යෙදෙන බවට ප්‍රතිඥා දෙමින් ගාල්ල දි. ලේ. කාර්යාලයේ නිළධාරින් නව වසරේ වැඩ අරඹයි


    මන් වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස හදුනාගනිම්න් රටේ අනාගතය වෙනුවෙන් හා තිරසර සංවර්ධන ඉලක්ක සාධනය කර ගැනීම සඳහා අවංකව හා කාර්යශීලීව මහජනතාව වෙනුවෙන් කැපවෙමින්  නව වසරේ සේවය කරන බවට ප්‍රතිඥා දෙමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් නව වසර වෙනුවෙන් අද දින වැඩ ආරම්භ කරන ලදි.

   ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  නව වසරේ ආරම්භය වෙනුවෙන් පැවැති උත්සවයකදී සියඵ නිළධාරින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් මහ දිසාපති එස් .ටී. කොඩිකාර මහතා ඉදිරියේදී මෙලෙස රාජ්යා සේවයේ ප්‍රඥාව ලබා දෙන ලදි. ඉන් අනතුරුව සර්ව ආගමික වතාවත් පවත්වමින් නව වසරේ සියඵම නිළධාරින්ට සෙත් ප්‍රර්ථනා කිරීමක්ද සිදු විය.

   මෙහිදී නිළධාරින් ඇමතු ගාල්ල දිස්ත්‍රික් ලේකම් මහ දිසාපති එස්.ටී. කොඩිකාර මහතා ප්‍රකාශ කර සිටියේ 2017 වර්ෂය අභියෝග රාශියකට දිස්ත්‍රික්කයක් ලෙස මුහුණ දීමට සිදුවු අතර ගෙවුණු වසර තුල දෙවතාවක්ම දැඩි ආපදා තත්වයන්ට මුහුණ දීමට සිදු වු බවයි. ඒ සියඵ අවස්ථාවන්හිදී ගාල්ල දිස්ත්‍රික්කයේ සියඵම රාජ්‍ය නිළධාරින් එක පවුලක් ලෙස කැපවීමෙන් සිදු කල මෙහෙය ප්‍රශංසාවට ලක්කරන අතරම  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුඵ රජයේ මුලිකම සංකල්පය වන තිරසර ඉලක්ක සාධනය කර ගැනීම සදහා ගාල්ල දිස්ත්‍රික්කය ප්‍රමුඛව සහය ලබා දීමට කැප වන බවයි. මහජනතාවට උපරීම පහසුවෙන් සේවය සලසා දීම රාජ්‍ය නිළධාරින් ලෙස සියල්ලන්ම අවධාරනයෙන් සිහි තබාගත යුතු වැදගත් කරුණක් බවද එතුමා අවධාරනය කරන ලදි.

  මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සමාන්තර ආයතන සියල්ලේම අංශ ප්‍රධානින් හා සියලු නිළධාරින් ද එක්ව සිටියහ.

ඩී.ඒ.පී. සුරංජිත්
සමෘද්ධි දිස්ත්‍රික් සන්නිවේදක
ගාල්ල

No comments:

Post a Comment