Thursday, August 9, 2018

සමුගැනීමකින් එක්වීමක්


  පුරා මාස හතරක් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එහි කාර්ය නව්‍ය මාවතකට යොමු කරමින් ඵලදායි සේවයක් ඉටු කළ ප්‍රාදේශීය ලේකම් කේ.එස්.සී. සුගත් කුමාර මහතා පසුගිය 3 වන දින සමුගත්තේ සියල්ලන්ගේම සිත් කදුලින් බර කරමිනි.

  එක් මගපෙන්වන්නෙක් නික්ම යද්දී හිඩැස පුරවමින් නව ප්‍රාදේශීය ලේකම් වශයෙන් මැදිරිගිරිය හිටපු සහකාර ප්‍රාදේශිය ලේකම් පී.ටී.එම්. ඉර්ෆාන් මහතා එදින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි. මෙම අවස්ථාවට මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සි.එම්. කරුණාරත්න මෙනවිය හා එම කාර්යාලීය සේවක මහතුන් පිරිසක්ද සහභාගිවී සිටි අතරම තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් එන්.ඒ.ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චි මහතාද සහභාගිවී සිටින ලදි.

සමෘද්ධි ගමන සමූහ සංනිවේදක
එම්.පී.රංජනී ජයවර්ධන - දිඹුලාගල
ඩි.එම්.පි.කේ. දිසානායක - පොළොන්නරුව දිස්ත්‍රික්

No comments:

Post a Comment