Wednesday, June 14, 2017

මැදිරිගිරිය සමෘද්ධි  ප්‍රාදේශිය සංවිධානය බිහිවේ

     මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් මත මූලස්ථාන සමෘද්ධි කළමණාකරු එස්.එම්. දුරුතු කුමාරි මහත්මිගේ මූලිකත්වයෙන් 2013 අංක 01 දරණ සමෘද්ධි පනතට අනුව මැදිරිගිරිය සමෘද්ධි ප්‍රාදේශිය සංවිධානය පසුගියදා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී  පිහිටුවන ලදි.


    මේ සදහා කලාප 03ක් නියෝජනය කරමින් ග්‍රාම නිළධාරී වසම් 45 ක ගරු සභාපති මහත්ම මහත්මීන් සහභාගී වු අතර කොට්ඨාශයේ පිහිටුවා ඇති ප්‍රජාමූල සංවිධාන ගණන 57කි.  සියළුම සභාපති මහත්ම මහත්මීන් ඉතා උනන්දුවෙන් මේ සදහා දායකත්වය ලබාදුන් අතර ප්‍රජාමූල ප්‍රදේශීය සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව සියළු පත්කිරීමි ප්‍රජාමූල නියෝජිතයින් විසින් කරගත් අතර මෙම අවස්ථාවට ප්‍රජාමූල බැංකු සමිති කළමණාකාර අධ්‍යක්ෂක චන්දන සුගත් කුමාර මහතා සහ දියසෙන්පුර කලාප කළමණාකරු මිල්ටන් රාජපක්ෂ මහතාද සහභාගි විය.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment