Saturday, October 14, 2017

පැහැරහැරි ණය හිමියන් දැනුවත් කෙරේ


   ඇල්පිටිය සමෘද්ධි බැංකු සමිතිය සිය බැංකු කලාපය තුල ඇති බැංකු හතරේම මේ වන විට ණය පැහැර හැර ඇති ණය ලාභීන් කැදවා ඔවුන් සමග එකගතාවයකට පැමිණිමේ වැඩසටහන් මාලාවක් සංවිධාකය කර ඇත. එහි තවත් එක් අදියරක් පසුගියදා පිණිකහන සමෘද්ධි බැංකු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

   ඇල්පිටිය සමෘද්ධි බැංකු සමිතියේ කළමණාකාර ප්‍රේමිකා මල්කාන්ති මහත්මිය සිය අදහස් දක්වමින් ණය මුදලක් පැහැර හැරි අවස්ථාවක අය කර ගන්නා නිතිමය තත්වය හා ඒ වෙනුවෙන් ප්‍රතිලාභින් අතින් සිදුවන අමතර වියදම පිළිබදව දැන්වක් කරන ලදී.

    මෙම අවස්ථාවට සහභාගි වු ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මැතිතුමා සමෘද්ධි ව්‍යාපාරය පිළිබදව, එහි අරමුණු පිළිබදව, ණය මුදලක් පැහැර හැරීමේ අවාසිදායක තත්වය පැහැදිලි කරන ලදී. තව දුරටත් දැනුවත් කල එතුමා ඉතිරි කිරිමේ වැදගත්කම, අරපිරිමැස්ම, ණය නිසිලෙස ගෙවිමේ වැදගත්කම, ණය කළමණාකරනය කරන ආකාරය පෙන්වා දෙන ලදී.

   මෙම අවස්ථාවේදීම සියලු වසම් නිලධාරීන් සිය වසම් මාරැ කර ගෙන එම වසම් වල ණය පැහැර හැරි ප්‍රතිලාභින් සමග ඔවුන්ගේ ගැටලු වෙන වෙනමම සාකච්චා කරන ලදී. මෙම වැඩසටහන පිණිකහන බැංකු කළමණාකරැ චන්දු ලියනගමගේ මහත්මිය විසින් සිය බැංකු සංගමය තුල සංවිධානය කර තිබින.

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment