Friday, October 6, 2017

හික්කඩුව ප්‍රා. ලේ. කොට්ඨාශයේ ලෝක ළමා දිනය සැමරිම් රැසක්


   හික්කඩුව වැඩ බලන ප්‍රාදේශිය ලේකම් ඩබ.එස්. සතයානන්ද මහතා හා ඩි.එන්.පි. කුලරත්න මහත්මිය උපදෙස් හා මගපෙන්විම මත  සමෘද්ධි 72 ගලගොඩ හා  49 මාවඩවිල වසමේ ලෝක ළමා දිනය සැමරැම් වැඩසටහන් මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් 2017.10.03  දින පැවැත්විය. මෙම උත්සවයන් සඳහා මුලස්ථාන කළමණාකරු කේ.එච්. ගොතික් මහත්මිය,  මහා සංගම්  කළමණාකරු ප්‍රියානි දේවිකා මහත්මිය, ගොඩගම බැංකු කළමණාකරු රොහාන් සංජිව මහත්මා,  රත්ගම බැංකු කළමණාකරු එ්.එ්. සමන්ති මහත්මිය,  සමෘද්ධි සංවර්න නිලධාරි වරුනි නිරංජලා මහත්මිය, ගල්දුව  මාවඩවිල වසමේ සංවර්ධන නිලධාරි මහේෂා ශයාමලි මහත්මිය අැතුළු සමහාවනිය අාරාධිත අමුත්තන් රැසක් හා වැඩිහිටියන්ද  කුඩා දරුදැරියන් විශාල පිරිසක් ද සහභාගිවිය. 

  මෙහිදි දරුවන් රැසකට  ශිෂ්‍යශත්ව විශාල ප්‍රමානයක් ලබාදිම. මේ අවස්ථාවට දිස්ත්‍රික් සමෘද්ධී අධයක්ෂ දිස්නා සමන්මලී  විතානගේ මැතිණිය සහභාගිවිම කාගේත් අවදානය දිනාගත් සුවිශේෂි අවස්ථාක් විණි. මේ අවස්ථාවට කුඩා දරු දැරියන් නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කිරිම. 

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment