Friday, December 8, 2017

දිවි සරිකර ගන්න උපකරණ


   පේ රටේ ජනතාවගේ දිලිඳුකම පිටුදැකීම සදහාවූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූඛ්‍ය පරමාර්ථය සාක්ෂාත් කිරීමට සිය දායකත්වය ආරම්භක අවස්ථාවේ සිටම නොඅඩුව ලබාදෙන කරන්දෙනිය සමෘද්ධි ව්‍යාපෘති අංශය 2017 වසරේදී මෙම වැඩසටහන නවතාවයක් සහිතව ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතාගේ නිවැරදි දැක්ම සහ ව්‍යාපෘති අංශයේ අතිමහත් කැපවීමතුල හැකියාව ලැබී තිබිණි.

   රාජ්‍ය ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 14ක් සමග ප්‍රතිලාභී දායකත්වය ලක්ෂ 4ක් ලෙස රුපියල් ලක්ෂ 18ක් යොදවා සියළු අංශවල ආදායම් උත්පාදන ව්‍යාපෘති 47ක් වැඩිදියුණු කිරීමට සමෘද්ධි සහනාධාර ලබන අඩුආදායමලාභීන් වෙත ප්‍රාග්ධන උපකරණ ලබාදීමට මෙහිදී කටයුතු කරන ලදැයි ව්‍යාපෘති කළමනාකරු සමන්ත බේරුවලගේ පැවසීය.

   කාලය හෝ මුදල් නාස්තියක් නැතිව උත්සව නැතිව ආරාධිතයින් නැතිව සියළු ව්‍යවසායකයින් වෙනවෙනම දැනුම්වත් කරමින් යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පහදා දෙමින් ව්‍යවසායක දැනුම අවස්ථානුකූලව ලබා දෙමින් හිමිකරුගේ අභිමතය පරිදි තමන්ට ලැබෙන උපකරණ පරීක්ෂා කොට භාරගැනීමට ප්‍රතිලාභී සියළු දෙනාටම අවස්ථාව දීමට මූලස්ථාන කළමනාකරු ඇතුළු නිලධාරීන් මෙහිදී කටයුතු යොදා තිබිණ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment