Wednesday, November 22, 2017

සමෘද්ධි ඉල්ලිමට ස්වශක්තියෙන් නැගිටින්නට මහවැලියෙන් රෝසිට පුහුණුව.........


   මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විසිතුරු මල්වගාව කරන දැනට ඕකිඩි සහ ඇන්තූරියම් වගාවේ නියුතු සහ ඒ පිළිබදව උනන්දුවක් දක්වන ප්‍රතිලාභින් සදහා මහවැලි අධිකාරියේ බිසෝපුර නේවාසික ව්‍යාපාර කළමණාකරු ප්‍රසන්න ජයතිලක මහතාගේ මුලිකත්වයෙන් පේරාදෙනිය උද්භිද උද්ද්‍යාන පුහුණු ආයතනයේ ප්‍රතිලාභීන් 50 දෙනෙක් සදහා පුහුණු වැඩසටහනක් මෙම මස 28 දින පැවැත්වෙන බව සමෘද්ධි ගමනට දැනගන්නට ලැබුණි.

   මේ පිළිබදව සමෘද්ධි ගමන මහවැලි අධිකාරියේ පරිපාලන නිලධාරී පි.එල්. රත්නායක මහතාගෙන් විමසීමෙන් එතුමා කියා සිටියේ දැනට ඕකිඩි වගාව සහ ඇන්තූරියම් වගාවේ නියුතු පිරිස් මෙම කොට්ඨාශය තුල සිටින බවත්, එම පිරිස නිවැරදි පුහුණුවකින් තොරව මෙහි නිරත බවත්, විවධවූ ගැතිවීම් නිසා ඔවුන් සූරාකෑමට ලක්වීමෙන් අලවි ප්‍රශ්ණ වලට මුහුණ දී ඇති  අතර එයින් මුදවාගෙන ස්වයන් අලෙවිකරණයක් තුලින් මෙම ප්‍රතිලාභින්ගේ  ආදායම ඉහල නැන්වීමේ අරමුණින් නේවාසික ව්‍යාපාර කළණාකාර තුමාගේ මග පෙවන්වීම මත පුහුණු වැඩසටහන මහවැලියේ ප්‍රතිපාදන මත නොමිලයේ ලබාදෙන බවයි.

   මෙම අවස්ථාවට සමෘද්ධී ගමන මැදිරිගිරිය සංනිවේදක වජිරා දිසානායක මහත්මිය සහභාගිවී සිටි අතර 86 ගජබාපුර වසමේ සමෘද්ධි පවුලක් වන දීප්තිකා රෝසි දීපානි මහත්මිය දැනට විසිතුරු මල්වගාවේ නිරත බවත් එම ව්‍යාපෘතිය ඉතා උනන්දුවෙන් කරන අතර ඕකිඩි වගාව පිළබදව අන්තර් ජාලයෙන් අසල්වැසියන්ගෙන් තොරතුරු ලබාගෙන එම වගාව ආරම්භ කිරිමට අපේක්ෂා කරන බැවින් මෙම පුහුණු වැඩසටහනට සහභාගී කරවිමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි..

  රෝසිගේ සමස්ථ පවුලේ තොරතුරු දැනගත් මහවැලි අධිකාරියේ නිලධාරී මහතුන් කියා සිටියේ එවැනි උන්නදුවක් උත්සාහයක් දක්වන තම පවුලේ නඩත්තුවට මහ පොළව හා ගැටෙන එම අයට අපි සහයෝගය ලබාදෙන බවත්, රෝසි මහත්මිය 28 දින පුහුණු වැඩසටහන සදහා සහභාගීකරවන ලෙසයි. ඒ අනුව පුහුණු ලාභින් 51 දෙනෙකු එදිනට සහභාගිවීම සිදුවන බව පරිපාලන නිලධාරී මහතා පවසා සිටියේය. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment