Thursday, November 16, 2017

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904කට නව පත්වීම්


 මාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළබඳ අමාත්‍යවරයා වශයෙන් අද අතිශයින් සතුටට පත් වූ දිනයක්. නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමට ලැබීම සම්බන්ධයෙනි. අවුරුදු 22කට පසු මගේ සමෘද්ධි පවුලට අලුතින් එකතුවන ජවයෙන් යුත් තරුණ තරුණියන් හද පිරි සතුටින් පිළිගන්නෙමි. වසර 30කට පසුව සමෘද්ධියට නව ජවයක් එක් කළ දිනය අදයි. වැටි වැටී දණින් පැමිණි සමෘද්ධිය අලු ගසා නැගිටුවන්නටත් දිළිඳුකම තුරන් කිරීමේ ජාතික කර්තව්‍ය සඵල කිරීමටත් දැන් අපට හැකි වනු ඇත. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට අලුත් ඉරක් ලක් දෙරණට උදාවනු දැකීම මගේ බලාපොරොත්තුව යි. ඒ සියල්ල සඳහා ඔවුන් ශාරීරිකව, මානසිකව මෙන් ම ආර්ථික වශයෙන් ද සවිබල ගන්වන්නට අප සූදානම් ය.එකී සවිය ඔවුන් හරහා රටට බෙදන්නට රටේ අහිංසක දුප්පත් ජනතාවට බෙදන්නට අපට හැකිවනු ඇත....හෙට ඒ දිනය උදාවන තෙක් ඉවසුම් රහිතව ඇඟිලි ගනින්නෙමි. යැයි සැමට සුභ පැතුමි එක් කරමින් පැවසීය.

නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය 2017-11-15 දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. 

No comments:

Post a Comment