Thursday, November 16, 2017

කරන්දෙනියට සමෘද්ධියේ අළුත් ගමන උගන්වයි


  රන්දෙනිය සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සේවය කරන සමෘද්ධි ක්ෂේත්‍ර නිලධාරීන් වෙත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව සංවිධාන ව්‍යුහය සහ මූල්‍ය කළමණාකරණ ක්‍රමවේදයන් පිලිබඳ න්‍යායික දැනුම ලබාදීම වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  

  කරන්දෙනිය කොට්ඨාශයේ සමෘද්ධි වසම් 40 ක්ද වැලිවිටිය-දිවිතුර කොට්ඨාශයේ වසම් 20 නියෝජනය කරන වසම්භාර නිලධාරීන් සහ එම අදාල කලාප වල ක්ෂේත්‍ර සහකාරවරුන් වෙනුවෙන් පැවැති මෙම පුහුණු වැඩසටහනට සම්පත්දායකත්වයෙන් දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කාර්යාලයීය නිලධාරී ධම්මික විජේරත්න මහතා සමග එස්. විජේසිංහ මහතා දායකත්වය ලබාදෙන ලදි. 

  ජනසංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ නියාමනයන් අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දරිද්‍රතා සීමාවන්, නව ප්‍රජාමූල සංවිධාන ව්‍යුහයේ හැඩරුව සහ ප්‍රජාමූල සංවිධාන මූල්‍ය කළමනාකරණය යන මාතෘකා 3 ඔස්සේ ඉලක්ක කණ්ඩායම වෙත මූලික වශයෙන් ප්‍රමාණවත් දැනුම දිනය තුල ලබාදීමට කටයුතු යොදා තිබිණ.

  මෙම නව ක්‍රමවේදය අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල කටයුතු එළඹෙන ජනවාරි මාසයේ සිට ස්ථාවර ලෙස ආරම්භ වන බවත් වසම්භාර සමෘද්ධි නිලධාරීන් තමන්ගේ අධීක්ෂණය යටතේ අදාල ප්‍රජාමූල සංවිධාන නිලධාරීන් මෙහෙයවා වසමේ සුදුසුකම්ලත් පුරවැසියන් සියළුදෙනා සමෘද්ධි ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලබන්නන් බවට පත්කර ශ්‍රී ලංකාවේ දුප්පත්කම පිටුදැකීමට කරන්දෙනිය කොට්ඨාශයේ උපරිම දායකත්වය ලබාදෙන ලෙස සිහිපත් කරන ලදි.  

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment