Sunday, November 12, 2017

සෑම සමෘද්ධි බැංකුවකට ම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක්


  සෑම සමෘද්ධි බැංකුවකට ම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් ලංකාව පුරා ඉදි කරනවා.ඒ අනුව දැනට තිබෙන 1074ක් වන සමෘද්ධි බැංකු සියල්ල ම නවීකරණය කර සියලු පහසුකම් සහිත බැංකු බවට පත් කරනවා. ඒවා ලාභ වැඩි වැඩියෙන් ලබන තත්ත්වයට පත් කරනවා. එම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ප්‍රදේශයේ වැඩිහිටියන්ට පැමිණ තමන්ට අවශ්‍ය පරිදි උණුවතුර නෑමේ පහසුකම් සපයනවා. ඒ අයට අවශ්‍ය පොත් පත් සහිත පුස්තකාලයක්, කැරම් බෝඩ්, ඇතුළු පහසුකම් ලබා දෙනවා. ඔවුන්ට නිදහසේ පැමිණ සතුටු සාමිචියේ යෙදෙමින් තමන්ගේ සැඳෑ සමය සතුටින් ගත කරන්නට අවැසි පසුබිම සකසා දෙනවා. වැඩිහිටි මහලේකම් කාර්යාලයත්, සමාජසේවා දෙපාර්තමේන්තුවත් එක්ව මෙම කටයුත්ත සිදු කරනවා. 2017/11/11 වරකාපොල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී සමෘද්ධි නිලධාරීන්ට මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවේදී අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා ප්‍රකාශ කලේය.

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment