හික්කඩුව ප්රාදේශිය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි මහා සංගමයේ කළමණාකරු ප්රියානි දේවිකා මහත්මිය විසින් සංවිධානය කරන ලද ළමා සමාජ ප්රති සංවිධානය කිරිමේ වැඩසටහන ගාල්ල දිස්ත්රික් සමාජ සංවර්ධන කළමණාකරු ප්රියන්ත කාරියවසම් මහතා විසින් හික්කඩුව බල ප්රදේශයට අයත් ළමුන් 250 කටත් වැඩි පිරිසකට ප්රයෝගික පුහුණුවක් ලබාදිම පසුගිය (26) වැනිදා හික්කඩුව ජනනන්දාරාම විහාරයේදි පැවැත්විය.
මෙහිදි ප්රියන්ත මහතා විසින් ළමුන් වයස් කාණ්ඩ අනුව බෙදාගෙන එ් අය සඳහා සාර්ථක ළමා සමාජයක් පවත්වාගෙනයාම, ළමා සමාජයක දරුවන් අපේක්ෂා කරන්නේ මොනවාද?නිරන්තරයෙන්ම පුහුණු කටයුතු, දෙමවුපියන් දැනුවත් කිරිම අභියෝගවලට මුහුණ දෙන අාකාරය, ජය පරාජය විඳදරා ගැනිම, සමාජය තුල යහපත් පුරවැසියකු විමට අවශය පන්නරය ලබාගැනිමට ළමයි දිරිමත් කිරිම මෙවැනි ළමා සමාජ තුලින් කුසලාතාවලින් පිරිපුන් නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහිකිරිම තුලින් රටේ අාර්ථ්කය හා අධයාත්මික සංවර්ධණය ඉහල දැමිය හැකි අාකාරය පෙන්වා දෙන ලදී.
අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව
No comments:
Post a Comment