Friday, November 17, 2017

සමෘද්ධි ආදර්ශ ගමේ ජීවනෝපාය නන්වන්න තවත් අතහිත


  මෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උණවටුන කලාපයේ යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසම මුල්කොට ගෙන මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. 

  ග්‍රාමීය සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුළින් ග්‍රාමිය සංවර්ධනය කරා ලඟාවීම ප්‍රධාන අරමුණ කරගත් මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 85 දෙනෙකු තෝරාගෙන අැත. ඔවුන්ගේ ජීවනෝපාය වෘත්තීය වන සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ස්වයං රැකියා කටයුතු දියුණු කරගැනීම සඳහා රු.2000000 පමණ වටිනා භාණ්ඩ තොගයක් ඔවුන් වෙත ලබාදීමට නියමිතය. 

   මෙම ප්‍රතිලාභ ලැබූ පවුල් 85 පමණ ප්‍රතිලාභීන්ට  ඔවුන්ගේ ජීවනෝපාය වෘත්තීය කරගැනීමට අවශ්‍ය උපකරණ බෙදාදීම වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා විසින් 2017.11.16 දින යද්දෙහිමුල්ල අමරසිංහාරාමයේදී සිදුවිය. මේ අවස්ථාව සඳහා අමරසිංහාරාමාධිපති නායක ස්වාමීන් වහන්සේ, හබරාදූව ප්‍රාදේශීය ලේකම් තරංගා වික්‍රමරත්න මැතිනිය, මූලස්ථාන කළමණාකාරු මොහාන් චිත්‍රලාල් මහතා, ව්‍යාපෘති කළමණාකාරු T.W.G.W. කුමාර මහතා, M.K. ජයන්ත මහතා, මහා සංගම් කළමණාකාර චන්ද්‍රවතී මහත්මිය උණවටුන සමෘද්ධි බැංකු කළමණාකාරු ඉන්ද්‍රානි මහත්මිය හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී විය. වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී ප්‍රසාද් සේනක වේහැල්ල මහතා විසින් මෙම උත්සව කටයුතු සංවිධානය කර තිබුණි. උත්සව අවස්ථාව අැමතූ අමාත්‍යවරයා පවසා සිටියේ මෙම ප්‍රතිලාභ ලබාගත් සියලුම ප්‍රතිලාභීන් තමන්ගේ ආදායම් දියුණු කරගෙන ජීවන තත්ත්වය දියුණු කරගන්නා ලෙසයි. මෙම වැඩසටහනේ මූලික අරමුණ ද එය බව වැඩිදුරටත් සඳහන් කරන ලදි.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

No comments:

Post a Comment