Wednesday, November 22, 2017

කරන්දෙනිය කාන්තා පොළ


  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කරන්දෙනිය කාන්තා බලමණ්ඩලයේ අරමුදල වර්ධනය කිරීම වෙනුවෙන් කොට්ඨාශයේ සියළුම කාන්තා සමිති ඒකාබද්ධ වී එක්දින අලෙවි පොළක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

   වසවිස අඩංගු පොහොර, රසායනික බෙහෙත් භාවිතයෙන් වැලකී තම සාමාජිකාවන් ගෙවතු වගාවෙන් නිශ්පාදනය කරන ලද එළවළු පලතුරු ආදිය අලෙවි කොට අපේ බලමණ්ඩලයේ අරමුදල තරකිරීම සදහා මෙම වෙළෙඳපොළ ඉදිරියේදීත් මාසිකව පැවැත්විමට සූදානම්ව සිටින බව කරන්දෙනිය කාන්තාභිවෘද්ධි නිලධාරීනි නිලන්ති බන්දුල මෙනෙවිය පැවසීය.

  කරන්දෙනිය සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ටී.ආර්. චන්දිමා මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත ක්‍රියාත්මක මෙම වැඩසටහන තුල විශාල මුදලක් තම අරමුදලට රැස්කරගත් බව කාන්තාභිවෘද්ධි බලමණ්ඩලයේ ගරු ලේකම් රංජනී ප්‍රේමතිලක මහත්මිය පැවසීය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment