Friday, October 20, 2017

ආදර්ශ ගම්මානයේ මත් නිවාරනය පිලිබඳ දැනුවත් කෙරේ


   හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආදර්ශ ගම්මානය ලෙස උණවටුන කලාපයේ යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසම තෝරාගෙන අැත. මෙම ගම්මානය තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීමෙන් ප්‍රතිලාභීන්ගේ ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කරනවා මෙන්ම ඔවුන්ගේ සමාජීය මට්ටම දියුණු කිරීමත් ප්‍රධාන අරමුණු වී අැත. 

    හබරාදූව සමෘද්ධි මූලස්ථානයේ මගපෙන්වීම යටතේ යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී සේනක වේහැල්ල මහතා විසින් මෙම මත් නිවාරනය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි. උණවටුන අන්තරායක ඖෂධ පාලක මන්ඩලයේ නිලධාරීන් විසින්  දේශන මෙහෙය වූ අතර මත් ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵල හා එයට අැබ්බහිවූවන් එයින් මුදවා ගැනීමට කටයුතු කරන ආකාරය පිලිබඳ පැමිණ සිටි තරුණ හා වැඩිහිටි ප්‍රජාව දැනුවත් කරන ලදි. මෙම අවස්ථාව සඳහා මූලස්ථාන කළමණාකාරු මොහාන් චිත්‍රලාල් මහතා හා ව්‍යාපෘති කළමණාකාරු  T.W.G.W. කුමාර යන මහත්වරු ද සහභාගී විය.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

No comments:

Post a Comment