Thursday, December 7, 2017

දැනුම අත්දැකීම් හුවමාරුව තුලින් කුඩා කණ්ඩායම් සජීවිකරණය


   මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 97 වෙඩිකචිචිය සමගිපුර ගම් ගොඩැල්ලේ ප්‍රජාමූල සංවිධාන පිහිටුවීමත් සමග අඩු ආදායම්ලාභී පිරිස් සමෘද්ධි වැඩසටහන හා සම්බන්ධවීම  ආරම්භ වී ඇති අතර  තමන් විසින්ම කුඩා කණ්ඩායම් ගතවීම් මේ වන විට සිදුවෙමින් පවතී.

   මෙම කුඩාකණ්ඩායම් ගතවූ කණ්ඩායම් සාමාජිකයින් 2017.11.25 දින 86 ගජබාපුර  වසමේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරී වජිරා මල්කාන්ති මහත්මිය හා එම වසමේ ඩි 5 ඇල ප්‍රජාමූල සංවිධානයේ ගරු ලේකම් තුමිය වන දීප්තිකා  රෝසි දීපානි මහත්මිය විසින් තම වසමේ අත්දැකීම් හා කුඩා කණ්ඩායම් ක්‍රියාවලිය පිළිබදව දැනුවත් කරන ලදි.

   මෙම සාමාජිකයින් යැපුම් මානසිකත්වයෙන් තොරව සමෘද්ධි වැඩසටහන තුල තමන්ගේ ජීවනෝපාය ඉලක්ක සපුරා ගැනිම සදහා සමෘද්ධි බැංකුවේ ණය ක්‍රියාවලිය උපයෝගී කරගන්නා බව එම කුඩා කණ්ඩායම් සාමාජිකයින් සමග අදහසයි අත්දැකීම් හුවමාරුව සදහා පැමිණි රෝෂි මහත්මියද කියා සිටියේ  වෙනත් වසම්වල විවිධවූ පිරිස් සමග අත්දැකීම් හුවමාරුව ඉතා වටිනා බවත් 99 වේදේහපුර වසමේ සාර්ථක ව්‍යාපෘතිලාභින්ගේද අදහස් හුවමාරුවක යෙදුන බවත්, ඒ තුලින් තම ජීවනෝපායද සංවර්ධනය කරගත හැකිවූ බවත්ය. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment