සමෘද්ධි ව්‍යාපාරිකයින්ට නව්‍ය අලෙවිකරණ පුහුණුවක්
මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ව්‍යාපාරිකයින් සදහා නව්‍ය අලෙවිකරණ පුහුණුවක් අද දින ( 06 ) මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරායේදී පවත්වන ලදි.
මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චි මහතාගේ මගපෙන්වීමෙන් මූලස්ථාන කළමණාකරු එස්.එම්. දුරුතු කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම පුහුණු වැඩමුළුව සදහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ව්‍යාපාරික මහත්ම මහත්මීන් විශාල ප්‍රමාණයක් සහභාගිවී සිටි අතර අලෙවි උපක්‍රම, ව්‍යවසායක ගති ලක්ෂණ, ආකල්ප, නවීන අලෙවි ක්‍රම, පිළිබදච දැනුවත් කල අතර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂක ජයන්ත ධනපාල මහතා සහ එම ආයතනයේ පුහුණු නිළධාරී ඩිලානි මැණිකේ මහත්මිය දේශක මහතුන් ලෙස සම්පත් දායකත්වය ලබා දෙන ලදි.
ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව
No comments:
Post a Comment