නියාගම ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩ සටහනක්
නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙමින් මේ වන විට වසංගතයක් බවට පත්වෙමින් පවතින ඩෙංගු උවදුර මර්ධනය කිරීම සදහා ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩ සටහනක් පසුගියදා පැවැත්වුනි. ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ කැළි කසල ප්‍රතිචක්‍රිය කරනය පිළිබද ජනතාව දැනුවත් කිරීම මේ අනුව සිදු කෙරුණි. මේ සදහා පාගමන් තුනක් සංවිධානය කර තිබූ අතර, එක් පාගමනක් මානම්පිට සිට ගල්ලිද දක්වාද, තවත් පා ගමනක් නියාගම සිට ගල්ලිද දක්වාත් අනෙක් පා ගමන තල්ගස්වල නගරයේ සිට ගල්ලිද දක්වා පැමිණි අතර ගල්ළිද හන්දියේ බෝ සමිදුන් ඉදිරිපිටදී මහා සංඝරත්නයේ ආශීර්වාද යටතේ ප්‍රදේශවාසීන් ඇතුළු ජනතාව දැනුවත් කිරීමේ උත්සව සභාවක් පැවැත්වුණි.
ප්‍රාදෙශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩ සටහන සහකාර ප්‍රාදේශීය ලේකම් කේ. චතුර මිහිදුම් මැතිතුමාගේ සංවිධායකත්වයෙන් යුතුව ඉතා සාර්ථකව ක්‍රියාත්මක විය. මේ සදහා නියාගම ප්‍රාදේශීය සභාව, වෘත්තීය පුහුණු ආයතනය, පිටිගල පොළිස් ස්ථානය, ශ්‍රී ලංකා යුධ හමුදාව, පාසැල් සිසු දරු දැරියන්, පුද්ගලික ආයතන සහ ස්වේජ්චා සංවිධාන ඇතුලු ආයතන රැසක සහයෝගය මේ සදහා ඉහලින්ම ලැබී තිබුණි. මීට අමතරව ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන්, ආර්ථික සංවර්ධන නිළධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කේෂේත්‍ර නිළධාරීන් සහ කාර්යාල නිළධාරීන්ගේ සහයෝගය නොඅඩුව ලැබී තිබුණි.
බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක - නියාගම
No comments:
Post a Comment