ඇසල පොහොය නිමිති කොටගෙන ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය විසින් සංවිධානය කල ධර්ම දේශනා පිංකම අද 07 වැනි දින දිස්ත්රික් කාර්යාලයීය බිමි මහලේදී පැවැත්විණි.
ගාල්ල දිස්ත්රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ අදහසකට අනුව සෑම පුර පසලොස්වක පෝය දිනයක්ම නිමිති කොට ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය විසින් ධර්ම දේශනා පිංකමක් සංවිධානය කරනු ලබන අතර එහි මෙවර දායකත්ව දරනු ලැබුයේ දිස්ත්රික් සමෘද්ධි අංශය විසිනි.
මෙවර හබරාදුව ගුරුල්ලවල මහා විහාරය, උග්ගල්වල මහා විහාරය යන විහාරයන්හි විහාරාධිපති හබරාදුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වරාපිටියේ මේදානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනය පැවැත්වු අතර ඒ සදහා නිළාධාරි මහත්ම මහත්මින් ඇතුළ විශාල පිරිසක් එක්ව සිටියහ.
ඩී.ඒ.පී. සුරංජිත්
දිස්ත්රික් සමෘද්ධි සන්නිවේදක - ගාල්ල
No comments:
Post a Comment