නියාගමින් සමුගන්නා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාට තුති මල් මිටක්
වසර 2ක් පමන තිස්සේ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ධූරය දරමින් සිය කොට්ඨාශය තුල අනභිබවනීය මෙහෙවරක් ඉටු කල සහකාර ප්‍රාදේශීය ලේකම් කේ. චතුර මිහිදුම් මැතිතුමා අද දින සිට(6)ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගනී. එතුමා මෙම කාලය තුල අප කොට්ඨාශයේ ඉටුකල රාජකාරිය සමාජ මෙහෙවරකටත් එහා දිව යන්නකි. මේ වන විටත් ඉදිවෙමින් පවතින ජන අරැණගම උදා ගම්මානය ඉදිකිරීමේලා ඔහුගේ කැප වීම අතිවිශිෂ්ටය. එහිදි ඔහු කටයුතු කළේ රාජ්‍ය නිළධාරියකු වශයෙන් නොව එම නිවෙස් හිමියන්ගේ පවුලේ කෙනෙකුවශයෙනි. කැත්ත උදැල්ල අතට ගනිමින් මෙම ගම්මානය ආරම්භයේ සිටම මේ දක්වා කල මෙහෙවර සදා අමතක නොවන සිහිවටනයකි.
එසේම පළමු නිළ මෙහෙවර ජනපති ජංගම සේවය පෝද්දිවෙල මහා විද්‍යාලයේ පැවැත්වීමේදී ඉතා කෙටි කාලයක් තුල එම වැඩ සටහන අති සාර්ථකව අවසන් කිරීමට හැකි වූයේ මෙතුමාගේ අති දක්ෂ සංවිධායකත්වය සහ මණා කළමනාකරණය නිසා බව අප හොදින්ම දන්නා කරුණකි. එසේම කාර්යාලය සම්බන්ද සෑම කටයුත්තකදීම අපගේ ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමාට මොහු ලබා දුන් සහයෝගය මහ මෙරක් බදු විය. මෙතුමාගේ රාජකාරී ජීවිතයේ අප දුටු සුවිශේෂීම සංවිධායකත්වය සහ මනා කළමණාකාරීත්වය දක්නට ලැබුණේ පසුගියදා අප ගම්මාන යට කරමින් කඩා වැටුණු මහා ගංවතුර ව්‍යසනය තුලින් අනාථ වූ ජනතාව වෙනුවෙන් ඉටුකල මෙහෙවර තුලින්ය. ඉහල බලධාරීන්ගෙන් කිසිදු චෝදනාවක් එල්ල නොවන සේ සිය කාර්යාලයේ ගරුත්වය ආරක්ෂා කරමින් අසරන ජනතාවට පිහිට වූ ආකාරය ප්‍රදේශවාසීන් අදටත් සිහිපත් කරයි.
ඉතින් මෙවන් වූ මහා මෙහෙවරක් ඉටුකොට සිය රාජකාරී අවශ්‍යතාවන් මත ඔහුගේ සමුගැනීම නියාගම අප හට මහා කනගාටුවක් දැනේ. සමෘද්ධි වැඩ සටහන සමගින් සහ සමෘද්ධි සංවර්ධන නිළධාරීන් සමගද මෙතුමා බොහෝ ලගින් කටයුතු කල අතර, ජනතාව වෙනුවෙන් ඉටු කල බොහෝ රාජකාරී වලදී අප නිළධාරීන්ටද රාජකාරී පැවරීමට නිරන්තර කටයුතු කලහ. මෙවන් දක්ශතාවයකින් හෙබි මෙතුමා අප කොට්ඨාශයෙන් සමු ගෙන යෑම අපට මෙන්ම ප්‍රදේශවාසී සැමට පිරිමැසිය නොහැකි පාඩුවකි. කෙසේ වුවද දිගු රාජකාරී ගමන්මගකට පියවර ඔසවන මෙතුමාට අප කොට්ඨාශයට අපගේ ජනතාව වෙනුවෙන් ඉටුකල මෙහෙවර අප හදවත්තුල සදා නොමැකෙනු ඇත. සහකාර ප්‍රාදේශීය ලේකම් කේ. චතුර මිහිදුම් මැතිතුමනි ඔබට චිරං ජයතු!
බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම
No comments:
Post a Comment