උගතමනා ශිල්පයමයි මතු රැකෙනා..............
දරුවො කියන්නේ අපේ සම්පත... රටේ අනාගතය... දරුවෝ මල් වගේ... ඒ නිසයි හැම දෙමාපියෙක්ම තම දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න හොද අනාගතයක් ලබා දෙන්න වෙහෙස මහන්සි වෙන්නේ. ඒත් ඒ වගේ අධ්‍යාපනය ලබන්න පාසලට අවශ්‍ය පොත් පත් ටික ගන්න සපත්තු කූට්ටම ගන්න අපහසු ඉගෙණ ගන්න දක්ෂ ළමයි ගම්බදව මෙන්ම නගරබදවද නැතුවා නොවේ. ඒ අතර සමෘද්ධි ප්රතිලාභ ලබන පවුල් වල දරු දැරියනුත් ඉන්නවා.... අන්න ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න ඒ දරුවන්ගේ අනාගත සිහින සැබැකර ගන්න උදව්වෙන්නේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ “ සමෘද්ධි සමාජ ආරකෂණ අරමුදලයි ” ඒ අරමුදල හරහා ලබාදෙන සිප්දොර ශිෂ්‍යත්ව වැඩ සටහනයි. මේ දිනවල දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් ඒ සදහා සුදුසු සිසු දරුදැරියන් තෝරා ගැනිමේ සම්මුඛ පරික්ෂණ පැවැත්වෙනවා.
ඊට සමගාමිව ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 2016 වසරේ අපොස (සා.පෙළ) විශිෂ්ඨ අයුරින් සමත් වු සමෘද්ධි ප්‍රතිලාභි පවුල්වල සිසුන් තෝරා ගැනිමේ සම්මුඛ පරික්ෂණ ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පසුගිය දින පැවැත්විණ. ඒ ඉමදුව බටේමුල්ල ජාතික පාසලේ විදුහල්පති වසන්ත කරුණාසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව සහකාර ප්‍රාදේශිය ලේකම් සුලනි සුලෝචනා මහත්මිය, මුලස්ථාන සමාද්ධි කලමණාකරු ආනන්ද දිසානායක, සමාජ ආරක්ෂණ නිලධාරි රමණි වීරතුංග මහත්මිය සහ ආයතන කටයුතු භාර අනෝජා මහත්මිය යන නිලධාරි මංඩලය ඉදිරියේය.
මෙම වැඩ මුඑව සදහා සිසු දරු දැරියන් පනස් හය දෙනෙකු සහභාගි වු අතර ඉහලම සුදුසුකම් තිබු සිසුන් විසිහය දෙනෙකු ඉදිරි දෙවර්ෂය වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම සදහා පරික්ෂණ මංඩලය විසින් තෝරා ගනු ලැබුවා. මසකකට රුපියල් එක්දහස් පන්සියක් බැගින් මාස විසිහතරක් පුරාවට මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙන අතර එමගින් එම සිසුන්ට අවශ්‍ය පොත්පත් ඇතුඑ අනෙකුත් අවශ්‍යතාවන් ඉටුකර ගත හැකි බවත් බවත් මෙම වැඩ සටහනේ අරමුණු හා අපේක්ෂාවන් පිලිබද පැමිණි සිටි දෙමපියන්ට හා සිසුදරුවන්ට පැහැදිලි කරමින් මුලස්ථාන කලමණාකාර තුමා කෙටි දේශණයක්ද පවත්වන ලදි.
නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව
No comments:
Post a Comment