සමාජ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය ඇගයීම ලක්කෙරේ....
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමාජ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය පිළිබදව සමාලෝචයනට ලක්කරන ලද්දේ 2017.07.04 දින තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකරු යමුනා මල්කාන්ති මහත්මිය ප්රමුඛ දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු සමිති කළමණාකරණ අධ්‍යක්ෂක මහත්ම මහත්මීන් දිස්ත්‍රික් සමාජ සංවර්ධන විෂය ලිපිකරු එච්.ඩබ්. සිරිල් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක් නියෝජනය කරමින් සමෘද්ධි වැඩසටහනේ අධ්‍යාත්මක සංවර්ධනය මෙන්ම භාරදූර වැඩ කොටසක නිරත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ භාර නියමුවන් වන සමාජ සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සහභාගිවී සිටි අතර, කොට්ඨාශ මට්ටමින් විවිධ වූ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය ඉදිරිපත් කරන ලදි.
මෙහිදී සමස්ථ නිලධාරීන් අමතා සමෘද්ධි අධ්‍යක්ෂක මහතා ප්‍රකාශකර සිටියේ ‘’ වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමාජ සංවර්ධන සහකාර සමන් ප්‍රියන්ත මහතා මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනක් ලෙස කරන ලද වීදි නාට්‍ය ඉතා පැසසුමට ලක්ව ඇති බවත් සමාජයට විවධවූ ගුණාත්මක දේවල් ලබාදීමේදී දේශණ වලට අමතරව ප්‍රජාව ග්‍රහණය කරගත හැකි ශ්‍රව්‍ය දුෂ්‍ය ප්රීචාරණද උපයෝගී කර ගැනීමෙන් එය වින්දනීය මෙන්ම මනෝමය ලෙස හිතට කාවදින පණිවිඩයක් ලබා දියහැකි බවයි..”
“ යටියල්පතාන ආදර්ශ ගම්මානයේ අත්දැකිම් හුවමාරුව සදහා වෙනත් දිස්ත්‍රික්ක තුලින් පැමිණීම පොළොන්නරුවට මහත් අභිමාණයක් බවත්, ධනාත්මක ආකල්ප වර්ධනයෙන් නිෂ්පාදන විවිධාංගී කරණය සදහා නව තාක්ෂණික දැනුම ලබාදී ආදර්ශ ගම්මාන පරිසර හිතකාමී හරිත ගම්මාන බවට පත්කිරීම තුල අනෙකුත් ගම්මාන සදහාද ආදර්ශයක් ලබාදිම මගින් එම ගම්මානද විවිධවූ සුභවාදී ක්‍රියාකාරකම් වලට තෝතැන්නක් වන බවත්, සමෘද්ධි අධ්‍යක්ෂක තුමා ප්‍රකාශකර සිටි අතර, කොට්ඨාශ වල ක්‍රියාත්මක සුභවාදී වැඩසටහන් අත්දැකීම් හුවමාරුවක් ලෙස අනෙකුත් කොට්ඨාශ තුලද ක්‍රියාත්මක කිරීම කාලෝචිත වන බවයි.
සමෘද්ධි ගමන ගැනද සියළු නිලධාරින් දැනුවත් කර එතුමා කියා සිටියේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සමෘද්ධි ගමනට දායකත්වය ලබාදෙන ලෙසයි...”
ඩි.එමි.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව
No comments:
Post a Comment