“ හැම නිවසකම කෙසෙල් පඳුරු 2 ක් , පොල් ගස් 2 ක්, අඹ ගහක් , රඹුටන් ගහක් වගේම ආහාරයට ගතහැකි එළවළු වර්ග කිහිපයක් අනිවාර්යෙන්ම සිටුවන්න ඕන. ගෙදරට අවශ්‍ය පළතුරු ටික තමන්ගේ ගෙවත්තෙන් නෙලා ගන්න ඹ්න. ඒ වගේම පරිසරයට ආදරය කරමින් ගහ කොළට ආදරය කරමින් දරුවන්ටත් ඒ මඟ යන්න දෙමව්පියෝ කියල දෙන්න ඕන. නැත්නම් අපේ ළමයින්ට අපි ඉතිරි කරන්නේ කාන්තාර වගේ පරිසරයක්.”
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමන් විසින් මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිලාන ග්‍රාම නිලධාරී වසමේ හරිතගම ගම්මානයට හරිත උයනක් තිලිණ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී තුමන්, මෙම වැඩසටහන ඔබගේ ගම්මානයට ලැබීම සුවිශේෂී බවත් තවත් වසර 2 කින් හරිත වර්ණයෙන් බැබලෙන, ජල පෝෂක සංරක්ෂණය කරන ප්‍රදේශයක් බවට මෙම ගම්මානය පත්වන බවත් ප්‍රදේශවාසීන් ලෙස ඔබ වඩාත්උනන්දුවෙන් මෙය පසු විපරම් කරමින් සංරක්ෂණය කරමින් පවත්වා ගෙන යායුතු බවත් ප්‍රකාශ කරන ලදි.
මෙම සමෘද්ධි හරිත උයන වැඩසටහන සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් නීල් හපුහින්න මැතිතුමාගේ උපදේශකත්වයෙන් සමාජ සංවර්ධන හා පරිසර අංශයේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබන වැඩසටහනක් වන අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තෝරා ගත් ස්ථානයන්හි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
එහි එක් වැඩසටහනක් ලෙස පිලාන ග්‍රාම නිලධාරී වසමේ හරිතගම ගම්මානයේ ව්‍යාපෘතිය අද දින උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කරන ලදි. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා ඩී.එස්. විතානගේ මැතිනිය සහ එම කාර්යාලයේ විෂය භාර කළමනාකරුවන්, අක්මිමන ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් සහකාර අධ්යක්ෂ සැලසුම්, මූලස්ථාන කළමනාකරු ඇතුළු කොට්ඨාසයේ සියළුම කළමනාකරුවන්, පිලාන කලාපයේ සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු බොහෝ රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියහ. එසේම ප්‍රදේශවාසී ජනතාවගේ උනන්දුව හා කැපවීම මෙහිදී වඩාත් කැපී පෙනීම සුවිශේෂී සිදුවිමක් විය.
සමුහ
ප්‍රියන්ත කාරියවසම් - දිස්ත්‍රික් සන්නිවේදක - ගාල්ල.
ඉන්දිරා සේනානි - සමෘද්ධි සන්නිවේදක - අක්මීමන.
No comments:
Post a Comment