Sunday, July 9, 2017

මහවැලියයි... සමෘද්ධියයි... දිරිය මිනිසුන් සොයා සමෘද්ධි ගමන ගමින් ගමට.....



    මැදිරිගිරිය 97 වෙඩිකචිචිය ග්‍රාම නිළධාරි වසමේ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන්  පිළිබදව සමෘද්ධි ගමන විපරම් කලේ කාන්තා මූලික කරගෙන ව්‍යාපෘතින් බිහිවිමෙන් එම ව්‍යාපෘතින් සදහා සමස්ථ ප්‍රචාරන වැඩසටහනක්ද කරදීමේ අරමුණින්.

      ඒ අනුව එම වසමේ ප්‍රජාමූල සංවිධාන කාන්තා සාමාජිකයින් 08 දෙනෙක් පමණ මහවැලිය හා සම්බන්දව බෝගන්විලා මල්පැල තවාන් පාලනය පුහුණුවී මේ වනවිට පැල තවාන් කරගෙන යන අතර සිල්ලර වශයෙන් ප්‍රදේශවාසීන් හා අවට ගම්මාන වල ගැණුම් කරුවන්ට විකුණා දෛනිකව ආධායම් උපයන අතර, තොග වශයෙන්ද මෙම බෝගන්විලා මල්පැල  අලෙවි කල හැකි බව අදාල වගාකරුවන් ප්‍රකාශ කරන ලදි.

      මේ වන විටත් විශාල ප්‍රමාණයක් මෙම නිෂ්පාදකයින් ලග මෙම මල්පැල ඇති අතර, තොග වශයෙන් මිලදී ගැනීම සදහා පහත දුරකථන අංක සදහා විමසන ලෙස එම අය පවසයි.
ඩි.ජි.විනීතා රාජපක්ෂ - දර්ශණපුර - වෙඩිකච්චිය - 0775897507.
                                                                 
එම්.පි.ඩබ්.මල්කාන්ති
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment