Wednesday, October 11, 2017

ජීවනෝපාය වැඩ සටහන යටතේ කේක් පුහුණුව


    නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ එක් දින කේක් පුහුණු වැඩ මුළුවක් මත්තක සමෘද්ධි බැංකු පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි. කේක් ආකෘති සකස් කිරීම, වෙඩින් කේක් සැකසීම සහ කේක් අයිසින් කිරීම සම්බන්දව මෙහිදී පුහුණුව ලබා දෙන ලදි. මේ සදහා නියාගම කොට්ඨාශයේ තරුණියන් විශාල පිරිසක් සහභාගී විය. කේක් පාඨමාලාවන් සම්බන්ද ආචාර්වරියක් විසින් මෙම වැඩ සටහන මෙහෙයවන ලදි. නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මියගේ උපදෙස් මත ව්‍යාපෘති සහකාර ඩබ්.ටී. ජයන්ත පද්මසිරි මහතා විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment