Wednesday, October 11, 2017

ළමා අයිතිවාසිකම් සුරකින්න පා ගමනක්



    ළමා අයිතිවාසිකම් තහවුරු කර දෙන ලෙස හා ළමයින් සදහා ආරක්ෂාව නිසි පරිදි ලබාදිම වැඩිහිටියන්ගේ වගකිම බව අවධාරණය කරමින් ජනතාව දැනුවත් කිරිමේ පා ගමනක් කොටගල පතන ප්‍රදේශයේදි පැවැත්වුහ.

    හැටන් කොටගල ශ්‍රීපාද අධ්‍යපන විද්‍යා පිඨයේ අභ්‍යාශලාභි පුහුණු විම් ලබන ගුරුවරුන් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාශවන් එක්ව හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන මං සංන්ධියේ සිට ශ්‍රීපාද විද්‍යා පිඨය දක්වා පාගමනක නිරත වෙමින් පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමි පෙලපාලියක් ලෙස මෙය පැවැත්වුහ.

     අධ්‍යාපන පිඨය තුලට පිවිසීමෙන් අනතුරුව ළමා මනසේ නිදහස් බව ප්‍රදර්ශණය කරමින් බැලුන් ගුවනට නිදහස් කිරිම සිදු කරන ලදි. අනතුරුව ළමා ආරක්ෂාව හා එය තහවුරු කරගැනිම ක්‍රියා පිළිවෙත පිළිබදව පාසල් ශිෂ්‍ය ශිෂාවන් දැනුවත් කිරිමක්ද සිදු කරන ලදි.

    එම අවස්ථාවට ශ්‍රිපාද අධ්‍යාපන විද්‍යා පිඨයේ පිඨාධිපතිනි ආර්.එස්.කේ. රමණි අබේනායක, දිඹල පතන පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුභසිංහ, පාසල් ශිෂ්‍ය ශීෂ්‍යාවන්, අභ්‍යාශලාභි ගුරුවරු, දේශකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment