Friday, October 6, 2017

දිවිය ජයගන්නා දිරිය මිනිසුන්

  ස්වාමියාගේ ජීවනෝපායෙන් තම පවුලේ ජීවිකාව ගෙන යද්දී භාර්යාවගේ තම ශ්‍රමය කාලය නිකරුනේ ගෙවන බොහෝ පිරිසක් අද ගම්බදව ජීවත්වෙති. අද දුප්පත්කමට විසදුම් සොයද්දී එයට හේතුවී ඇත්තේ පලමු ජීවනෝපායට අමතරව දෙවන තෙවන ආධායම් මාර්ග සදහා අප යොමු නොවීමයි. තම අතිරේක ආධායම් වර්ධනය සදහා විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කොතෙකුත් තිබුනද ඒවා තම ගෙතුලටම, තම දෙකකුල් ලගටම, ලගාකර දෙනතුරු බොහෝ දෙනෙක් බලා සිටිද්දී දිරිය කාන්තාවන් තිදෙනෙකු ගමනට හමුවූයේ මැදිරිගිරිය 93 නවනගරය ග්‍රාම නිලධාරී වසම තුලදීය.

  මෙතෙක් තම කාලය ගෙතුලට දරුවන්ට හිරවී සිටි මෙම අයට මහවැලි සංවර්ධන අධිකාරිය හමුවී තවත් පිරිසක් සමග බණ්ඩාරවෙල බිදුණුවැව මීමැසි පර්යේෂණ ආයතනයේ මීමැසි පාලනය පිලිබදව නේවාසික පුහුණුවක් ලබා මැදිරිගිරිය මහවැලි අධිකාරියේ දිනක පුහුණුවක් ලබා ගන්නට හැකිවී ඇත.

  පලමුව ගමනට හමුවූයේ අංක 1/186 යාය 6 පදිංචි ඩබ්.එම්.ජි. ඉන්ද්‍රානි කුමාරි මහත්මියයි. මෙම අයට මහවැලි සංවර්ධන අධිකාරිය හා පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 50% දායකත්වය මත මීමැසි පෙට්ටි ලබාදීමෙන් මීමැසි ජනපද විකිණීමේ යෙදී ඇති අතර ඉන් නොනැවති නැවත රුපියල් 50000/=ක් මහවැලි සංවර්ධන අධිකාරිය මගින් පැල තවානක් සදහා ආවරණ ගෙයක් ලබාදී ඕකිටි මල්පැල වගා කිරීමේද යෙදී ඇත. 


අංක 211 යාය 06 පදිංචි එස්.ආර්. නාලනී මහත්මිය      සමෘද්ධි ගමට කියා සිටියේ තමන් දෙපතුලට සම්පත් පැමිනෙනතුරු නොසිට මහවැලි සංවර්ධන අධිකාරියේ මහතුන් හමුවී තමන්ගේ ඉදිරි ඉලක්ක ප්‍රකාශකර රුපියල් 50000/=ක ආධාරයක් ලබාගෙන මල්පැල ආවරණ ගෙයක් සදාගත් බවත් ඒ සදහා රුපියල් 130000/=ක් පමණ වැයවූ බවත් ඕකිඩි මල්වගාව කරගෙන යන අතර මීමැසි පාලනයද කරන බවයි.

  එක් මීමැසි ජනපදයක් රුපියල් 4200/= බැගින් මීමැසි ජනපද පෙට්ටි 22ක් විකුණූ බවත්, මහවැලි සංවර්ධන අධිකාරිය හා පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ සදහා තමාට 50% දායකත්වය මත මීමැසි පෙට්ටි ලබාදී උනන්දු කරවමින් පොළොන්නරුවේ මීමැසි ජනපද සදහා මිලගනන් කැදවීම් කල බවද අංක 1/205 යාය 06 පදිංචි ටි.එම්. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය ප්‍රකාශකරන ලදි. එතුමි වැඩිදුරටත් කියා සිටියේ තමාට මහවැලියෙන් කිරි ගව ගාලක් සදහා රුපියල් 40000/=ක්ද පැල තවානක් සදහා රුපියල් 50000/=ක ආධාරයක් පිරිනැමූ බවයි.

  විවිධ පුහුණු වැඩටහන් හා එළවළු බිජ ආදියද ලබාදෙමින් මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරී මහතුන් තම සියළුදෙනා ඉතා දිරිමත් කරන බවත්, විශේෂයෙන්ම නේවාසික ව්‍යාපාර කළමණාකරු ප්‍රසන්න මහතා වචනයේ පරිසමාප්තියෙන්ම තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරන මහත්මා ගතිගුණ ඇති මහතෙකු බවත්, ඒ මග යමින් අනුරුද්ධ මහතා ලලිත් මහතා රංගා මහත්මිය හා ජයවර්ධන මහතුන් අමතක කල නොහැකි බව ප්‍රකාශකරමින් වැඩිදුරටත් මෙම අය කියා සිටියේ දැනට ඕකිඩි මල්පැල 700ක් අති අතර එම පැල රුපියල් 200/= මිලට ගෙන්නා ගෙන එම ආයතනයටම රුපියල් 400/= මිලකට අලවි කරන බවයි. ඕකිඩි මව්ශාක හදාගැනීම සදහා පුහුණුවක අවශ්‍යතාවය ඇති බවද තම උත්සාහයෙන් නැගිටින්න වෙර දරන මිනිසුන් සම්පත් සොයායායුතු බවද ප්‍රකාශකරන ලදි.

එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment