Friday, October 6, 2017

නයිනමඩම සමෘද්ධි කලාපයේ වැඩිහිටි සත්කාර රැසක්



    වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නයිනමඩම සමෘද්ධි කලාපයේ කළමණාකාරිනි ශ්‍යාමලි රේණුකා මහත්මියගේ උපදෙස්  පරිදි ජත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමිව සමාජ සංවර්ධන පදනමේ දායකත්වයෙන් හා කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහයෝගයෙන් වැඩිහිටි සත්කාර  වැඩසටහනක් පසුගිය දා (  04  ) වෙන්නප්පුව  මෙත්නිවසේදි පැවැත්වූනි. එහිදි  නේවාසිකව  වාසය කරන වැඩිහිටි කාන්තාවන් සදහා වෛද්‍යසායනයක්,  උදේ හා දිවා  ආහාර පාන ලබාදිමේ වැඩසටහනක් මෙන්ම  වැඩිහිටියන්ගේ කුසලතා එලිදැක්විමේ  සදහා  අවස්ථාවක්  ලබාදිමද සිදුකෙරැනි.

මේ  සදහා මෙත්නිවස පලාක කන්‍යාසොහොයුරියන්, මුලස්ථාන  කළමණාකාරතුමන්, සමාජ සංවර්ධන සහකාර මහත්මිය ඇතුලු සමෘද්ධි සංවර්ධන  නිලධාරින් සහභාගිතවි සිටිහ.

සි. ප්‍රි්ති උදයසිරි  ප්‍රනාන්දු
ගමන සමෘද්ධි සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment