Monday, October 16, 2017

වැඩිහිටියන් අගයන්න දරැවන්ට කියාදේ


   වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙන්නප්පුව සමෘද්ධි කලාපය ජාත්‍යන්තර වැඩිහිටි හා ළමා දිනය නිමිතිකොට ගෙන ද/සිරිගමපල ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි  උදයසිරි ප්‍රනාන්දු මහතාගේ හා එම වසමේ සමෘද්ධි ප්‍රජා මූල්‍ය සමිති සමාජිකාවන් ළමා සමාජ දුදරැවන්ගේ සංවිධානයෙන් "වැඩිහිටියන්  අගයන්ට දරැවන් හුරැකරමු "  මැයෙන්  විශේෂ  වැඩසටහනක්   පසුගියදා ( 14 ) සන්තානාපුර  ශාන්ත ආනාමුනිවරියගේ  දේවස්ථාන භුමියේදි  පැවැත්වුනි.
     
    මෙහිදි   වැඩිහිටියන් හට  වියලි සලාක බෙදා දිමක්ද ළමා සමාජ දරැවන්ගේ හා වැඩිහිටියන්ගේ   විශේෂාංග වලින්  මෙම වැඩසටහන  විචිත්‍රවත් විය. මෙම වැඩසටහන  සදහා  මිසම් පාලක හසින්ත් පියතුමා,  ලංකා තිලක විහාරාධිපති සංඝානන්ද හිමියන්, සමෘද්ධි කළමණාකරුවන් ඇතුලු  බොහෝ පිරිසක්  සහභාගි  විය.

සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
ගමන  සමෘද්ධි  සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment