Tuesday, October 17, 2017

සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග ප්‍රදර්ශනය හා ළමා දින සැමරීම්


   මෙරට දරුවන්ගෙන්  17 %  ක් නියමිත වයසට සරිලන උසකින් නොමැති බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එම තත්ත්වය 32 % ක් වන බවත් දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික  රෝහලේ වෛද්‍ය නිලධාරිනි පෝෂනවේදි  දිනිෂියා ලියනපතිරණ මහත්මිය පවසයි.

   වෛද්‍යවරිය එසේ පැවසුවේ ලෝක ළමා දිනය හා ඔක්තෝම්බර් 16 වන දිනට යෙදුන ලෝක ආහාර දිනය සමරමින් අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පෙර පාසල් සංගමය එක්ව සංවීධානය කල සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග ප්‍රදර්ශනය හා ළමා දින සැමරීම් උත්සවයේදී නිවැරදි පෝෂණය තුලින් සෞඛ්‍ය සම්පන්න ළමා පරපුරක් මැයෙන් ආරාධිත දේශනය කරමින්ය.

   හැටන් ඩි.කේ. විරතුංග සංස්කෘතික ශාලාවේදි ඉකුත් 16 වන දා දවස පුරා පැවැත්වු එම වැඩසටහනේදි එම අවසථාවට සහභාගිවි සිටි පෙර පාසල් ගුරුවරියන්, දෙමාපියන් දැනුවත් කරමින් මෙසේද පැවසීය.

   මෙරට දරුවන්ගෙන් වයසට නියමිත වර්ධනය නොමැති බරෙන් අඩු දරුවන් 21% සිටින අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ එම තත්ත්වය 30% මට්ටමක පවති. එමෙන්ම දරුවන්ගේ මොලය වර්ධනය වීම 90% සිදුවන්නේ වයස අවුරුදු 5 ට පෙරය. ළමා වියේදි මෙසේ වර්ධනය හින විම වැඩිහිටි විය දක්වාම දැඩි ලෙස බලපාන අතර එය සාමාන්‍යය පුරවැසියෙක් ලෙස සමාජ ගත වීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන කායික හා මානසික සෞඛ්‍ය  වර්ධනයට මෙන්ම අධ්‍යානික වශයෙන් ප්‍රවර්ධනය වීමටද හේතු සාධකවේ. එබැවින් ළමා වියේදි දරුවන් සදහා නිවැරදි සමබල පෝෂ්‍යදායි ආහාර ලබා දිමටත් ඒ සදහා ක්ෂනික හා රසායනික ආහාර වර්ග වලින් තොර ආහාර ලබා දිමත් සුදුසුය. විශේෂයෙන්ම උදෑසන ආහාරය අනිවාර්යයෙන්ම ලබා දිමත් එමගින් දරුවා නිරෝගි වනවා සේම අධ්‍යාපනික වශයේ ප්‍රවර්ධනය ලබා ගැනිම සදහා ධාරන ශක්තිය ඇතිවිමටත් නිරෝගි පුරවැසියෙක් විමටත් ඉවහල් වන බව පැවසිය.

   නුවරඑළිය දිස්ත්‍රික්යේ අතිරේක දිස්ත්‍රික් ලේකම් යු.ඩබ්ලිව්.ආර්.යු.එම්. අමරසේකර මහත්මිය හා අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් හා ප්‍රදේශිය ළමා සංවර්ධන කමිටුවේ ලේකම් ආර්.ටි.පි සුමනසේකර මහතාද අදහස් දැක්වුහ.

   දේශිය හා විදේශිය සෞඛ්‍යාරක්ෂිත ආහාර වර්ග 300 ට වැඩි ප්‍රමාණයක් මේහිදි ප්‍රදර්ශනය කල අතර එම ආහාර දරුවන්ගේ රුචිකත්වය වර්ධනය වන අයුරින් පිළිගැන්ම සිදු කරන අයුරුරින් දරුවන්ට පිලිගන්වන අයුරුද ප්‍රදර්ශනය කර තිබින.

   එම වස්ථාවට හැටන් අධ්‍යාරපන කලාපයේ කලාප අධ්‍යක්ෂක එස් . ශ්‍රීධරන් අඹගමුව කෝරළය ළමා සංවර්ධන කමිටුවේ ලේකම් හා ළමා ප්‍රවර්ධන නිලධාරි එම්.ජි.එස්. මණවර්ධන, අඹගමුව කෝරළයේ පෙරපාසල් සංගමයේ සභාපති, ගරුවරුන් , පාසල් ශිෂ්‍යයින් අතුළු පිරිසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment