Friday, October 6, 2017

යක්කලමුල්ල සාහිත්‍ය උළෙලට දඩි බිඩිස්


   යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව එකතුව සංවිධාන කිරිමක් ඔන්න සාහිත්‍ය උත්සවය තියන්න කල්වේලා ඇතිව සැරසෙන්න එපෑය, පරිපාලන ග්‍රාම නිළධාරි සමන් කුමාර මහත්මයා ග්‍රාම නිළධාරි මහත්වරුයි ප්‍රාදේශිය සභාවේ මහත්වරුන් එක්කාසු කොරාණ තුන්තිස් පැයක් නිදිවරා පරිසර හිතකාමි ගොක්කොළ පොල්කොළ හරඹ කරාලා අමරසිරි දොඩංගොඩ සම්මන්ත්‍රන ශාලාව විච්චුරණ කොරේ නැතෑ. උදේ පාන්දර වෙනකොට තොරන් අට්ටාලයක් එහෙම බැදලා වැඩේ කොරේ නැතෑ, මෙන්න බොලේ සාහිත්‍ය රසකාමින් ගම් දනව් පීරගෙන එන්ට පටන් ගත්තේ නැතැයි. ඒ අතර පාසල් යන හෙට දවසේ රට බාරගන්න ඉන්ට නෝනල මහත්තුරු ගුරුමෑණිවරුත් පෙරටු කරගෙන මංගච්චුවේ නැතැ.

    ඉර පායලා හෝරා දෙකක් යන්නට කලියෙන් ශාලාවම පිරි අවසන් උනා එලිය පහලින්යෙන් පුටු ටිකක් දාලා එහෙම දුන්නා කවුද බොලේ අද සාහිත්‍ය උත්සවය හැඩගන්වන්නේ, බැලින්නම් ප්‍රදේශිය එජන්ත චන්දන මුහන්දිරම් මැතිතුමාගේ ආරාධනාවකට අනුව අවේ නැද්ද ස්වාධින රූපවාහිනියෙන් ලොවම හදුනාගත් ප්‍රවිනයා කවුද ඉතින් අපේ දඩි බිඩිස් මහත්මයා (හසන්ත හෙට්ටි ආරච්චි) පෙරමගටම ගොහින්නේ පිලිගත්තේ සියලු දෙනාම නැගිටලානේ අමුත්තාට ගෞරව කලේ බෙර වයලා, නැටුම් නටලා පහන් දල්වලා ආගම සිහිකොරන්න ප්‍රදේශයේ නායක හිමිවරු වැඩ සිටියා.
ඔය අතරේ යක්කලමුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ  ලේකකාධිකාරි පලල්ලේ සරණජෝති නායක හිමියන් ගාල්ල දිසාවේ උප ප්‍රධාන සංගනායක වල්පල ගුණරතන හිමියන් ඇතුළුව තමයි වැඩ හිටියේ. ඔන්න කොහොමින් කොහොම හරි සැරසිලි කරපු වේදිකාවේ වැඩ පෙන්නන්න දඩිබිඩිස් මහත්මයාට ආරාධනා ලැබුනයි කියමකෝ දඩිබිඩිසුත් හැම දෙනාටම ආයුබෝවන් කියලා ආරම්භ කලා දෙසුම. 

   ඉදිරි පේලි වල අසුන්ගෙන හිටියේ ආරධිත ප්‍රාදේශයේ දේශාපාලන නායකයින් අතර සිසිර කුන්මාර මහත්මයයි, සුමනසිරි ලියනගේ මහත්මයත් සමඟ විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පොලිසියේ ලොකු මහත්වරු එහෙමත් හිටියා. කවුරුත් දුරකතනවල කැමරා දඩි බිඩිස් මහතා දිහාවට අමෝරාගෙන දිගට හරහට සිතුවම් කරද්දි ,මමත් ජංගම පරිගනකය අමෝරාගෙන පේන පේන දේවල් වල රූපරාමු ගත්තේ නැතැයි කියමුකෝ ගමනට දාන්න. මෙන්න බොලේ එක පාරටම දඩි බිඩිස් මහත්තයා කියාපිය පින්තුර ගත්තට කමක් නෑ මුහුණු පොත් වල මම කියන දේවල් වෙනස් කරලා දානව එහෙම නෙමෙයි කියලා.

සෑම සිතකටම දැනුම සම සමව බෙදුව තමයි කවි සී පද නැලවිලිත් එකතු කලා. පුංචි ඉස්කෝලේ මහත්වරුන්ට නෝනලාට අම්බලමේ පිනා කියලා තේරුමත් කියා දිපි අදනේ. මේ අය තේරුම දැනගත්තේ දඩි බිඩිස් මහත්තයා යක්කලමුල්ලටම බෙදුව තමා කට්ටියත් පුලු පුලුවන් විදියට එකතු කරගත්තැයි කියමුකො. 

   දඩි බිඩිස්මහත්තයාගේ ආරංචිය ලැබිලා මෙන්න බොලේ අවු 80 වැඩි රසිකයෙක් හැරමිටියත් කොහේදෝ දාලා ගාටලා නොවැ ඉඩකඩත් නෑ ඒ වුනාට එලියෙ බංකුවක් උඩ තමන්ගේ පාඩුවේ රසවිදිනවා ලග ඉන්න නෝනටත් දැනෙන්නේ නැ එයත් සාහිත්‍යමය සයුරේ ගිලිලනනේ.
සාහිත්‍ය රසය විදින්න තරුණ මහලු තරාතිරමක් තියෙනවැයි කෝමින් කෝමහරි සාහිත්යහය උත්සවය ජයටම කොරා. සමෘද්ධී මුලස්ථානයේ අනුර ලොකු මහත්තයාත්, තුෂාන්ති , අශෝකා , ආනන්ද , ඉන්දිකා , පද්මසිරි, ජීවනි යන නෝන මහත්වරුයි, සමෘද්ධී සංවර්ධන නිළධාරි නෝනලා මහත්වරුත් උදවු කොරා කියමුකෝ......................,  මේ විදියට යක්කලමුල්ලේ සාහිත්‍ය උත්සවය දැක්කේ දඩිබිඩිස් මහත්තයාගේ රසිකයෙක්.

ජේ.එල්. ගාමිණි
සමෘද්ධි සංන්නිවේදක
යක්කලමුල්ල

No comments:

Post a Comment