Wednesday, October 11, 2017

අරණායක තම්මිට ග්‍රාමීය පාසලේ කුසලතා සංවර්ධන වැඩසටහන


    අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තම්මිට කනිෂ්ට විද්‍යාලයේ 6 වසර සිට 11 වසර දරුදැරියන් සඳහා ලෝක ළමා දිනය මුල් කර ගනිමින් කුසලතා සංවර්ධන වැඩසටහනක් පසුගියදා (09) දින පවත්වන ලදි.

    එම පාසගේ දරු දැරියන් අඩු ආදායම්ලාභී පවුල් වල ආර්ථික අපහසුතා මැද්දේ සිප් සතර හදාරන දරු දැරියන් වන අතර පාසල් ගෙන එ්මට බෑගයක් පාසල් එ්මට සපත්තු 2ක් පවා නොමැතිව පාසල් එන ගුණ ගරුක දරුවන් ලෙස පැහැදිලි විය.

    එම පාසලට පැමිණි මොහාතේ පාසලේ දරු දැරියන් කිහිප දෙනෙකු පැමිණි ආරාධිත අමුත්තන්ට ආචාර කර පිළිගත් සුවිශේෂි අවස්ථාවක් මම දුටිමි. එසේම පාසලේ දරුවන් සිටිනවාද යන්නත් සොයා ගැනීමට හැකි වූයේ සිනුව නාද වීමෙනි. එවැනි විනය ගරුක දරුවන් පාසල තුළ 250ක් පමණ සිටින අතර බාහිර ක්‍රියාකාරකම් හා අධ්‍යාපන කටයුතු වලට විශේෂ හැකියාවක්ද ඇත.  මෙම පාසලේ ඉගනුම ලබන ගම්මන්නාගොඩ ළහිරු ළමා සමාජයෙන් තරග වැදි හේෂානි දෙවිමිණි දියණිය  පසුගිය දිස්ත්‍රික් ළමා සමාජ තරගාවලියේ 10-14 වයස් කාණ්ඩයේ කථික තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම ද පාසලට මෙන්ම ගමටද කීර්තීයකි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment