Friday, October 6, 2017

මානව පෝෂණය ආහාර සැකසුම් තරගයේ ප්‍රථම ස්ථානය නිලානි ට


     “දේශීය ජෛව විවිධත්වය තුලින් පෝෂණිය ආහාර - ලෝක ආහාර දිනය - ජාතික ආහාර උළෙල 2017 “ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සහ මානව පෝෂණය සඳහා සංවිධානය කල ආහාර සකස් කිරීමේ  තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අරණායක කෘෂිකර්ම උපදේශන කොට්ඨාශයේ ගැවිලිපිටිය ප්‍රගති කාන්තා සංවිධනයේ නිලානි සේනානායක මිය ලබා ගන්නා ලදි. ඇය ස්වාමිය හැර ගිය දරුවන් 03 දෙනෙකු සමග ඉතාමත් දුෂ්කරව ජීවිතයක් ගත කරන වැන්දඹු කාන්තාවකි. තවද ඇගේ දියණියක 2016 වර්ෂයේ දකුණු ආසියාතික බර ඉසිලිමේ තරඟයෙන් 03 වන ස්ථානය  දිනාගනිමින් ශ්‍රි ලංකාවට කීර්තියක් අත්කර දුන් අතර නිලානි යන දිරිය කත තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජංගම බොජුන්හලක් පවත්ගෙන යයි. 

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment