Wednesday, October 11, 2017

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමයට රජයේ සේවකයින් ද එක්වෙයි....


    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමයට (ඔක් 06 -12)  සමගාමීව රජයේ සේවකයන් සදහා වෙන් වූ දිනය වන ඔක්තෝම්බර් 11 දින ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සේවක මංඩලයද පැල සිටුවීමේ වැඩසටහනකට එක්විය.

    ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුනු මෙම වැඩසටහන සදහා ගෝනාපීනූවල සහකාර  ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුනසේන මහත්මිය ඇතුළු කාර්යාලයේ සියළුම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් ද ගෝනාපීනුවල කෘෂිකර්ම උපදේශිකා පණ්ඩිතරත්න මහත්මිය හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන්ද එක්විය. 

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment