Friday, October 20, 2017

ගෝනාපීනුවල සමෘද්ධි ව්‍යවසායකයින්ටත් ප්‍රාග්ධන භාණ්ඩ.......


    සමෘද්ධි අරුණළු 2017 වැඩසටහන යටතේ ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභී ව්‍යවසායකයින් හට ප්‍රාග්ධන භාණ්ඩ බෙදාදීමේ උත්සවයක් 2017.10.19 දින දකුණු පලාත් ප්‍රධාන අමාත්‍ය  ගරු ෂාන් විජයලාල් මහතාගේ හා අම්බලන්ගොඩ එක්සත්  ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඩෙනට් පනියන්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

     සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය  ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා සමෘද්ධි ප්‍රතිලාභී ව්‍යවසායකයින් ද දායකත්වයක් සපයාගනු ලබයි. තමා විසින් ප්‍රගුණ කරනු ලැබූ තම ව්‍යාපාරයේ ඉදිරි සාර්ථකත්වය සදහා අත්‍යාවශව තිබූ උපකරණ හා භාණ්ඩ මිලදී ගැනීමට හැකියාවක් නොමැතිව පසු තැවීමෙන් සිටි මෙම ප්‍රතිලාභීන් හට දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් මෙම භාණ්ඩ හා උපකරණ මහත් අස්වැසිල්ලක් විය.

     මෙම වැඩසටහන යටතේ  ජුකී මහන මැෂින්, කම්පෙෂර්, ශිතකරණ, අධි ශීතකරණ, ගිර්ල් මැෂින්, හිල්ට් මැෂින්, හෑන්ඩ් ගයින්ඩර්, ඉලෙක්ට්ට්‍රෙනික් තරාදි, පාපැදි, ජංගම අලෙවිරථ මෙන්ම කෘෂිකාර්මික උපකරණද බෙදාදීම සිදුකරණ ලදි.

    ගෝනාපීනූවල ප්‍රාකදේශීය මහ ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ පූර්ණ මගපෙන්වීම යටතේ ව්‍යාපෘති කළමණාකරු එච්.ජී. කමල් චන්දන මහතා විසින් ක්‍රියාත්මක කල මෙම වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් කොට්ඨාශය පුරා ක්‍රියාත්මක විය.

    මෙම භාණ්ඩ බෙදාදීමේ උත්සවය සදහා ගෝනාපීනුවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මිය ඇතුළු සියළුම ක්ෂ්‍රේත්‍ර නිලධාරීන් හා සමෘද්ධි ප්‍රතිලාභීන්ද සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment