Friday, October 20, 2017

ප්‍රථම ගමන පුස්තකාලය ළමා අයිතියට


    සමෘද්ධි ගමන මාධ්‍ය ජාලය ආරම්භ කල ''නෙතට පොතක්'' පුස්තකාල ව්‍යාපෘතියේ ප්‍රථම පුස්තකාලය ඊයේ (19 වැනිදා) ඇල්පිටිය අම්බන සමෘද්ධි ප්‍රජා ශාලාවේදී ළමා අයිතියට පත් කෙරිනි. ළමයින්ගේ කියවීමේ පුරැද්ද වැඩි කිරිමේ අරමුණින් ගාලු දිස්ත්‍රික්කය පුරා ගමන පුස්තකාල ආරම්භ කිරිමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර මෙසේ ළමා අයිතියට පත් වුයේ සැමගේ උදවු උපකාර සමගිනි.

     විශාල පොත් ප්‍රමාණයක් ගමන පුස්තකාලය වෙත පරිත්‍යාග කර තිබෙනු අතර, අපගේ පුංචි ඉල්ලීමට සහය දක්වා පොත් විශාල පුමාණයක් ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පුද කිරිමට අවස්ථාවක් කර ගන්නා බව මෙහි අරමුණු පැහැදිලි කරමින් නිශාන්ත කොඩිතුවක්කු මහත්මා පැවසීය.

    ළමා සමාජ දරැවන්ගේ සුරතින් ළමා අයිතියට පත්විනි. මෙම ව්‍යාපෘතිය සදහා පිණිකහන සමෘද්ධි බැංකු කළමණාකරැ චන්ද්‍ර ලියනගමගේ මැතිණියගෙන් ලැබුනු අපමන සහයෝගය විශේෂයෙන් සිහිපත් කල යුතුය.

   මෙම අවස්ථාව සදහා පිණිකහන බැංකු කළමණාකරැ චන්ද්‍ර ලියනගමගේ, මහ සංගමය නියෝජනය කරමින් සමාජ සහකාර රැවන් ත්‍රිමාවිතාන, ශිරෝමි ප්‍රියංගිකා, ගමන මාධ්‍ය ජාලය වෙනුවෙන් ගමන කතෘ නිශාන්ත කොඩිතුවක්කු, සංස්කාරක ප්‍රදීප් චන්දන නානායක්කාර, විශේෂාංග සංනිවේද රංජන් අබේසේන, ග්‍රාම නිලධාරි මාලා අල්විස්, ප්‍රදේශයේ දේශපාලන නායකත්වය නියෝජනය කරමින් ඒ.ජී. සාගර තිලක, කමල් කාරියවසම් හා ප්‍රදේශයේ සමිති සංවිධාන නියෝජනය කිරිමින් එහි නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්විය.


ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment