Friday, October 6, 2017

දිවි සරැ කරන සමෘද්ධිය

    2017 වසරේ ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පිලාන  ග්‍රාම නිලධාරී  වසමෙි ඩබි.එච්. සිරියාවති මහත්මියට ලැබූනු අලෙවි කුටිය 2017.10.02 දින⁣ සෙත් පිරිත් ආශිර්වාද එක් කර ගනිමින් විවෘත කෙරිනි. වසර ගණනාවක් තිස්සේ  තාවකාලික ආවරණයක් තුළ අලෙවි කටයුත්ත සිදු කරගෙන ගිය සිරියාවති  මහත්මියට ලැබූනු අලෙවි කුටිය තම ව්‍යපාරය ක්‍රමානුකූලව පවත්වා ගෙන යාමට ලැබූනු මහගු දායදයක් බව ඇය හද පිරි සතුටින් ප්‍රකාශ කර සිටියාය. මෙයට අමතරව සිරියාවති මහත්මියගේ ආදරණිය සැමියා වන ඩි.ජි. නාමදාස ගේ සහයෝගයෙන් බෙිකරියක්ද පවත්වා ගෙන යයි. වසමෙි  සමෘද්ධි  සංවර්ධන  නිලධාරී අයි වි. අයිරාංගනී මිය විසින් මුල සිටම නැගී  සිටින්නට  අත්වැල සපයා දුන් අතර සමෘද්ධි බැංකු ණය 100000/= ද ලබා දෙන්නට කටයුතු සමිපාදනය කරන ලදි. අභියෝග  හමුවේ නොසැලී  ඉදිරියට යන සිරියාවති මහත්මිය  සියලු  සමෘද්ධි  ප්‍රතිලාභින්ට ආදර්ශයකි.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

No comments:

Post a Comment