Tuesday, October 10, 2017

ලෝක ලමා දිනය හා ලෝක වැඩිහිටි දිනයට සමගාමීව බෙන්තර වැඩසටහන් රැසක්


   ළමා දිනය හා වැඩිහිටි දිනය නිමිති කර ගෝනගල හා ගලගම වසම් වලින් වැඩිහිටියන් සදහා සායනයක් පවත්වන ලදී. මෙම සායනයේදී ලේ, මුත්‍රා හා සිනි පරීන්ෂා කරනු ලැබු අතර මෙය සම්පුර්ණයෙන් දේශීය වෛදය වරැන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී. තවද එම වසම් වල තරැණ තරැණියන් උදෙසා දේශීය ක්‍රම මගින් තමන්ගේ රැව රැක ගන්නා අාකාරය පිළිබදව, ඉතාමත් පහසු අන්දමින් ගෙදරදි සකසා ගනිමින් රැව රැක ගන්නා ආකාරය පිළිබදව දැනුවත් කරන ලදී. දැනට වෙළද පොලේ අැති අනවශ්‍ය අාලේපන වර්ග අාලේප කිරිම නිසා කාන්තාවන්ගේ මුහුණ හා ශරීරය නොයෙකුත් රෝග වලට ලක්වීමට හැකි බැවින් අප රටේ ස්වාභාවික දෙයින් එය සකස්කර ගන්නා අාකාරය පිළිබදව මනා දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මේ සදහා කලාප කළමණාකාර තුමිය , වසමේ සියලු නිලදාරින් හා බෙන්තොට කලාපයේ සියලුම නිලදාරීන් සහභාගි වන ලදී.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

No comments:

Post a Comment