Tuesday, October 10, 2017

අවුල් නැතුව පවුල් කන්න නෙළුව දී කීයාදෙයි


    නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කරන ලද මත් හා දුම්වැටි නිවාරණය තුලින් සතුටු පවුලක් යන තේමාව කරගෙන ග්‍රාම නිල‍ධාරී වසමකින් අළුත විවාහ දිවියට ඇතුලත් වූ පවුල් තෝරාගෙන දැනුවත් කිරීමේ වැඩටහනක් පවත්වන ලදී. මේ සදහා සම්පත් දායකයින් වශයෙන් දිස්ත්‍රික් වනිතා පුහුණු සංවර්ධන නිලධාරි කාංචනා මාපලගම මහත්මිය විසින් අධ්‍යාත්මික සංවර්දනය තුලින් සතුටු පවුලක් යන තේමාව යටතේ දනැවුත් කිරීමක් සිදුකල අතර FISD ආයතනයේ පුමුණු නිලධාරී සමිතා සුගතමාලා මහත්මිය විසින් කාන්තාවන් බලසතු කිරිම සදහා ස්වයං සංවර්දනය යන තේමාව යටතේ දැනුවත් කිරීමක් කරන ලද අතර මේ අවස්ථාව සදහා නෙළුව ප්‍රාදේශිය ලේකම් ජානක ගුරුසිංහ, මුලස්ථාන කළමණාකරු එච්.එල්. ලිලේන්ද්‍ර, බැංකු සමිති කළමණාකරු අමිතා කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් සහභාගී වූ අතර වැඩමුළුව දවස පුරා ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. 

එච්.ජී.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නෙළුව

No comments:

Post a Comment