Thursday, October 12, 2017

ගාලු මහ දිසාපති සමෘද්ධි බුලත් ගමේ පැළසිටුවයි


   ගාල්ල දිස්ත්‍රියේ  සමෘද්ධි ආදර්ශ ආදායම් උත්පාදන ගමක් ලෙස තෝරාගෙන ඇති යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රතඹලකැටිය, උඩුඇල්ල, ඇල්ල ඉහල යන වසම් වලින් සමන්විත බුලත් ගමට ගොවින් 150ට  වැඩි පිරිසක් තෝරා ගෙන (බුලත් වගාවට උනන්දුවක් දක්වන දැනට වගාව කරගෙන යන)  ගොවි මහතුන්ට ගම්පහ දොම්පේ ප්‍රදේශයේ බුලත් ආදර්ශ වගාවන් දැක බලා  ගන්නට අවස්ථාව සලස්වා නාරම්මල බුලත් පරීක්ෂණ ආයතනය හා ගාලු සුළු අපනයන බෝග අංශයත් මගින්  ගමටම පැමිණ පුහුණුව ලබා දී  මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වා ඇත.

   මේ සදහා සමෘද්ධි දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 60ක මුදලක් වෙන්කර ඇත . 2017.10.09 දින මෙම ගම්මානය නිරීක්ෂණය සදහා ගාලු මහ දිසාපති නීතිඥ එස්.පී. වීරක්කොඩි මැතිතුමා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩී.එස්. විතානගේ  මැතිණිය ද සහභාගි විය.

   මෙහිදී ගොවියන්ගේ වගාව පිළිබඳ ඇති උනන්දුව කැපකිරිම සොයා බැලිම නූතන වෙලදපොල හා අනාගතයේ දී හිමිකරගත හැකි ඉලක්ක පිළිබඳ කරුණු විමසා එයට මුහුණ දෙන ආකාරය පිලිබඳව ගොවිබිමේ සිටම කතිකා කිරීමට දිසාපතිතුමා කටයුතු කලේය.

   මේ දිනවල ගම්පහ ප්‍රදේශයේ ගෙන්වන ලද බුලත් පැල ගොවින් අතර බෙදාදීම ද සිදුකරනු ලබයි. මෙම අවස්ථාවේ දිසාපතිතුමා අතින් එස්.එච්. ජිනදාස ගොවිමහතාගේ වගාබිමේ බුලත් පැළයක් සිටුවීමට ද අමතක නොකළේය .

   සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් ගාලු දිස්ත්‍රික්කයේ 2017 ආදර්ශ ආදායම් උත්පාදන වැඩසටහන යටතේ උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ශක්තිය ලැබේවායි කියා ද දිසාපති තුමාගේ පැතුම විය.

   මෙම අවස්ථාවට සහභාගි වූ දිස්ත්‍රික් අධ්‍යක්ෂක තුමිය සමෘද්ධි ව්‍යාපාරයට අයත් සියලුම නිලධාරීන්ට වගකීම් හරියාකාරව ඉටුකර මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයන ලෙසට උපදෙස් දීමත්  සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා ප්‍රාදේශිය ලේකම් චන්දිම මොහන්දිරම් මහත්මා නිලධාරී පිරිසක් එක්විණි.

ජේ. එල්. ගාමිණි
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

No comments:

Post a Comment