Friday, October 20, 2017

රැජිණගේ යෂ්ටිය අම්බලන්ගොඩට


   2018 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හි පැවැත්විමට නියමිත 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර රැගෙන යන “රැජිණගේ යෂ්ටිය” ගිණිසිළුව දකුණු පළාතට රැගෙන ඒමේ පිළිගැනිමේ උත්සවයක් පසුගිය (13) වන දින අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දි පවත්වන ලද.

   මෙම යෂ්ටිය විශේෂ දුම්රියක රැගෙත ඒම විශේෂ සිදුවිමක් වු අතර දුම්රිය පිළිගැනිම ගරු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමා  විසින් සිදු කරන ලදි. යෂ්ටිය ප්‍රධාන අමාත්‍ය තුමා වෙත පිලිගැනිමෙන් අනතුරුව ප්‍රධාන අමාත්‍ය තුමා විසින් එය ප්‍රදේශයේ ක්‍රිඩා කුසලතා දැක්වු දරු දැරියන්ගේ දැතට ලබා දිම විශේෂ සිදුවිමක් විය.

    මෙම උත්සවය සදහා අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් එච්.කේ.සරසි එස්. ගුණසේකර, කලාප අධ්‍යක්ෂ  තුමිය ඇතුළු පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් හා විශාල පිරිසක් සහභාගි වන ලදි.


ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment