සමෘද්ධී කැකුළු ළමා සමාජ දරු දැරියන් වෙනුවෙන් සංවිධානය වන කැකුළු ළමා සමාජ සාංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියේ ජාතික තරඟ මෙම මස 11 වැනි දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා බත්තරමුල්ල සුභූති විද්‍යාලයේදී හා ලංකා සභා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
සරළ ගී ගායනය, ශස්ත්‍රීය ගායනය හා වාදනය, ගද්‍ය හා පද්‍ය රචනා, චිත්‍ර, නිවේදක, කථික, උඩරට හා පහතරට නැටුම් හා කෙටි නාට්‍ය වැනි තරඟ අංශ 14ක් සදහා තරඟ අංශ 03 ක් යටතේ සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් තරග අතරින් ජයග්‍රණය ලද සිසු දරු දැරියන් මෙම තරඟාවලිය සදහා සහභාගී වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දරු දැරියන් සියයකට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත අතර ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධී සංවර්ධන අංශය විසින් එම දරු දැරියන් සදහා මෙම තරගාවලිය ඉලක්ක කොට පුහුණු වැඩමුඵද මේ වන විට පවත්වා අවසන් කොට ඇත.
ගාල්ල දිස්ත්‍රික් සමාජ සංවර්ධන අංශයේ කළමණාකරු ප්‍රියන්ත කාරියවසම් මහතා පැවසුවේ මෙවර ගාල්ල දිස්තික් කණ්ඩායම ජාතික තරගවලදී වැඩි දක්ෂතා දක්වනු ඇතයි තමන් බලාපොරොත්තු වන බවයි. ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ දිස්නා සමන්මලී විතානගේ මහත්මියගේ උපදෙස් පරිදි මෙම කටයුතු සිදු කෙරේ.
ඩී.ඒ.පී. සුරංජිත්
සමෘද්ධි දිස්ත්‍රික් සන්නිවේදක
No comments:
Post a Comment