නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ ජීවනෝපාය වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කල රූපලාවන්‍ය වැඩ සටහනක් 2017-11-07 දින දවස පුරා මත්තක සමෘද්ධි බැංකු ශාලා පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවැත්වුනි. ප්‍රාදේශීය ලේකම් නිලංගී ඩයස් මහත්මියගේ මග පෙන්වීම යටතේ සංවිධානය කල මෙම වැඩ සටහන සදහා කොට්ඨාශයේ තරුණියන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන් දැඩි උනන්දුවකින් මේ සදහා එක්ව තිබූ අයුරු දක්නට ලැබුණි. වෘත්තීය පුහුණු අධිකාරියේ රූපලාවන්‍ය ශිල්පිනියන් විසින් මේ සම්බන්ද ප්‍රායෝගික පුහුණුව ලබා දුනි. නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා මේ වසර තුල පුහුණු වැඩ සටහන් පහක් සදහා අනුමැතිය ලැබී තිබුණි.
ඒ අනුව බිම්මල් වගා පුහුණුව, තිර රෙදි පුහුණුව, නව්‍යකරන දැනුම වර්ධනය කිරීමේ පුහුණුව, කේක් සකස් කිරීමේ පුහුණුව, රූපලාවන්‍ය පුහුණුව, යනාදී වශයෙන් පුහුණු වැඩ සටහන් පහම ඉතා සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව මෙම වැඩ සටහන් සම්බන්ධීකරනය කරමින් සංවිධානය කල ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මිය පැවසුවාය. මේ සදහා ලැබුණු ප්‍රතිපාදන වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත්තා සේම එය කොට්ඨාශයේ ජනතාවගේ දැනුම වර්ධනය කිරීමටද බොහෝ ඉවහල් වූ බව ඇය වැඩි දුරටත් පැවසුවාය. මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මියගේ සහයෝගයද මේ කටයුතු සාර්ථක කර ගැනීම සදහා ලැබී තිබුණි. මත්තක සමෘද්ධි බැංකු කළමණාකාර බී.ජී. ප්‍රියානි කුමුදු මහත්මිය සහ නියාගම ව්‍යාපෘති සහකාර මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම
No comments:
Post a Comment