හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවටුන සමෘද්ධි කලාපයට අයත් හදුගොඩ ග්‍රාම නිලධාරී වසමේ සුමියුරු ළමා සමාජය හා දොඩම්පෙ සුපිපි ළමා සමාජය එක්ව මෙම වසර තුළ පැවැත්වූ වැඩසටහන් වල ප්‍රගතිය විමසීම හා ඔවුන් ලද ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග ප්‍රදාන උත්සවයක් 2017.10.30 දින හීනටිගල ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පැවැත්විය.
ගද්‍ය රචනා අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබාගත් දිනුකි සසිනිකා විමලේන්ද්‍ර දැරියට විශේෂ ත්‍යාගයක් ලබාදුන් අතර අැය 2017.11.11 දින පැවැත්වෙන සමස්ථ ලංකා ළමා සමාජ තරග සඳහාද සහභාගී වීමට නියමිතය.
කොට්ඨාශ මට්ටමින් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන්, දැනුම මිනුම තරග, සරුංගල් තරග හා දිස්ත්‍රික් කැකුලුු ළමා සමාජ සංස්කෘතික තරග සඳහා සහභාගී වී ජයග්‍රහණය කල හා විශේෂ දක්ෂතා දරු දැරියන් 35 දෙනෙකුට මෙහිදී ත්‍යාග ලබාදුනි.
උණවටුන සමෘද්ධි බැංකු කළමණාකාරිනි ඉන්ද්‍රානි විජේසේකර මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම වසම් දෙකම භාරව කටයුතු කරන සමෘද්ධි සංවර්ධන නිලධාරී එස්මි ජයලත් මහත්මිය විසින් මෙම කටයුතු සංවිධානය කර තිබූ අතර හබරාදූව සමෘද්ධි මූලස්ථානයේ සමාජ සංවර්ධන අංශය මගින් දායකත්වය දරන ලදි.
හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී උපාලි ළමාහේවා මහතා මේ අවස්ථාවට සහභාගී වූ අතර ළමා අපයෝජනය පිලිබඳව දැනුවත් කිරීම ද සිදුකරන ලදි. මෙම උත්සව අවස්ථාව සඳහා සමෘද්ධි මූලස්ථාන කළමණාකරු මොහාන් චිත්‍රලාල් මහතා, ව්‍යාපෘති කළමණාකරු එම්.කේ. ජයන්ත මහතා, බැංකු කළමණාකාරිනි ඉන්ද්‍රානි විජේසේකර මිය හා එම වසම් දෙකෙහිම කටයුතු කරන ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරීන් යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව
No comments:
Post a Comment