Thursday, November 2, 2017

රාජකාරි ජිවිතයෙන් මිදුණු මොහොතක්


   කාර්යාල ජිවිතයේදී මානසික ආතතියට පත්ව රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ද නැත්තා නෙවේ. තවද තමන්ගේ පෞද්ගලික ජිවිතයත් මෙවැනිම ආකාරයෙන් වුව හොත් තම සේවාවක් ලබා ගැනීමට කාර්යාලයට පැමිණෙන සේවාලාභීන් ඔවුන්ගේ පිඩනය නිලධාරීන්ට යොමුකල අවස්ථාද වාර්ථා වී ඇත.

    එවැනි අවස්ථාවලදි රාජකාරි ජිවිතයේ දි එඩිතරව පෞර්ෂයෙන් යුතුව කටයුතු කල යුතු ආකාරය පිළිබඳ රසවින්දනාත්මක වැඩසටහනක් සංස්කෘතික කටයුතු දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ මෙහෙය වීමෙන් අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් එච්.කේ.සරසි එස්. ගුණසේකර මහත්මියගේ සහභාගීත්වයෙන් (26) වන දින කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

  මෙම වැඩසටහනට මියුරු වු සංගීතයෙන් රස ගැන්වීම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංගීත අංශයේ ශිල්පීන්ගේ වාදනයෙන් හා ගායනයෙන් රසවත් කල අතර අධ්‍යක්ෂතුමියද රසාස්වාදාත්මක ලෙස දේශනය පවත්වන ලදි.

  මෙම දේශනය නිලධාරීන් ප්‍රබෝධාත්මක කල අවස්ථාවක් වු අතර කාර්යාලයට අනුයුක්තව සේවය කරන ක්ෂ්‍රේත්‍ර නිලධාරීන්, කාර්යාල නිලධාරීන් හා සංස්කකෘතික බල මණ්ඩලයේ නිලධාරින්ද ජේෂ්ඨ පුරවැසියන් පිරිසක්ද සහභාගි වන ලදි. මෙම වැඩසටහන කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලදි.

ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment