හෙළ දෙරණ ජන ජයතූ ජයමංගලානී......ගීතයත් සමග පුලතිසිපුර අභිමානවත් සමෘද්ධි වෙළද ප්‍රදර්ශණය හා අලෙවි පොළ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ පොළ භූමියේදී 2017.11.01 දින ආරම්භ විය. දින දෙකක්පුරා පැවති මෙම උත්සවය හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්විම මත මූලස්ථාන සමෘද්ධි කළමණාකාර මහතා ප්රමුඛ සියළුම කළමණාකාර මහත්ම මහත්මින්ගේ සහ සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්ගේ පූර්ණ කැපවිම මත සිදුකල අතර මෙම අවස්ථාවේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය පිලිගැනීමේ කථාව කරමින් කියාසිටියේ............ යැපුම් මානසිකත්වයෙන් මිදී සුභවාදී ආකල්ප තුල සිට රට දැයට වැඩදායි පිරියක් බිහිවීමෙන් තම පවුල මෙන්ම රටද සංවර්ධනය වන බවත්, උනන්දුව, උත්සාහය, කැපවීම තිබේනම් අපට දුප්පත්කම ජයගතහැකි බවත් මේ සදහා සමෘද්ධි වැඩසටහන සියළුදෙනාට තොතැන්නක් වන බවයි.
මෙම උත්සව අවස්ථාවට පොළොන්නරුව සමෘද්ධි අධ්‍යක්ෂක තුමා, දිස්ත්‍රික් ගණකාධිකාරී තුමා ප්රමුඛ සමෘද්ධි කළමණාකාර මහත්ම මහත්මින් ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගිවී සිටි අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 නියෝජනය කරමින් සමෘද්ධි ව්‍යවසායකයින් තම නිපැයුම්ද රැගෙන ප්‍රදර්ශණය සදහා සහභාගිවී සිටින ලදි.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කියා සිටියේ... නිදහසින් පසු විවිධවූ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර රටේ ජනගහණයෙන් 30% ක් දුප්පත්කමින් පෙලෙන බවත්, ආහාර මල්ලක් ලබාදී දුප්පත්කම අවමකල නොහැකි අතර, නිෂ්පාදන ආර්ථිකයට මූලධනය නොමැති කමින් දුප්පත්කමින් පෙලෙන බවද, සමෘද්ධි වැඩසටහන තුල දුප්පතුන් සවිබල ගැන්විය හැකි මනාව විහිදීගිය වැඩසටහන් පද්දතියක් ක්‍රියාත්මකව පවතින බවත් සදහන් කල අතර වැඩිදුරටත් දිස්ත්‍රික් ලේකම් තුමා කියා සිටියේ යටියල්පතාන, බදනාගල ගම්මාන වල නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධන වැඩසටහනට දායකවී ඇති අතර අනෙකුත් ගම්මානද මේ සදහා දායකත්වය ලබාදී සහනාධාර මානසිකත්වයෙන් තොරව අභිමානවත් ප්‍රජාවක් ලෙස තම නිෂ්පාදන වෙළදපොලට හදුන්වාදී දෙපයින් නැගී සිටිය හැකි පුද්ගලයින් ලෙස නැගී සිටීමට අධිෂ්ඨාන කරගන්නා ලෙසයි......
2017 වැඩිම අවුරුදු ඉතුරුම්කල ප්‍රතිලාභින් සදහා ත්‍යාග ලබාදිමත් දිරිය පියස නිවාසලාභින් සදහා චෙක්පත් ලබාදීමත් පැමිණ සිටි ආරාධිත අමුත්තන් විසින් සිදුකල අතර මෙම අවස්ථාව සමෘද්ධි ගමන මාධ්‍ය ආවරණය සදහා ඇලහැර සමෘද්ධි ගමන සන්නිවේදක කේ.එම්.වික්‍රමවංශ රාජපක්ෂ මහතා සහ මැදිරිගිරිය සමෘද්ධි ගමන සන්නිවේදක එම්.පි.ඩබ්.මල්කාන්ති දිසානායක මහත්මිය පැමිණ සිටින ලදි.
ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව
No comments:
Post a Comment